Friday, October 13, 2017

K. K.



ගැහැනියක් වුව තුරුණු ඈ තුළ
දිනක බුදුවන නුවණ මතු විය
නියත විවරණ පැතී ඈ මා
නැමැද යහනේ මැද පලක් බැඳ

පැළී අප කැණිමඬල එකවර
සුනුවිසුනු විය විසූ මැදුර ද
උදම් ගී නද නඟනු නොහැකිව
මා විමති මුව අගුලු තද විය

දහස් සක්වල ප්‍රකම්පිත විය
පුරුෂ චක්‍රාවාට සුන් විය
ඉහළ අහසේ ගැහැනියක බඳු
තාරකා නිරුවතක් මතු විය

මැවී මහබඹු විසල් පුම ලිඟු
පොළෝ වැසි සැම පිරිමි මුහුණේ
අඟන නුගුණම නිතර පවසන
කටත් නහයත් අතර මුහුණේ

නාරි අඩසඳ ලබා අවසර
රහස් තැන දැඩි අඳුරු අහසේ
බැඳෙන වරදේ රාග කෙඳිරිලි
නැඟී තුන් ලොව නිනද කරමින්

කේ.කේ. - එරික් ඉලයප්පාරච්චි



K.K.
Erick Ilayapparachchi
A long narrative poem on the Bohemian artistic life in Colombo is now available as a Godage publication.

No comments:

Post a Comment