Thursday, October 12, 2017

මෙබඳු පොතක් ගැන අසා දැක නැත්තෙමි




මා මගේ ජීවිත කාලය තුල බොහෝ දේ අසා දැක ඇත . එහෙත්
මෙබඳු පොතක් ගැන අසා දැක නැත්තෙමි.
ඊයේ මට සර්පයා හෙවත් k k සමන් කුමාර හමුවූයේ අහම්බෙනි. එය පුදුමයක් නොවේ . මක් නිසාද යත් ජීවිතේ වඩා වැදගත් දෑ සිදුවනුයේ අහම්බයෙන් නිසාය. මම ඔහු දැකීමෙන් ත්‍රස්ත වීමි.. ඔහුගේ බාහිර පෙනුම තුල ඔබ සතු බොහෝ දේ ඔහු සතු නොවන බව ඔබ දකිනු ඇත. එහෙත් අප සතු නොවන යම් දෙයක් ඔහු සතු බව දැකීමෙනුයි මා ත්‍රස්ත වූයේ. එය ඊනියා ශිෂ්ටාචාරය, ශිෂ්ටත්වය , පරිනාමය , මානව ඉතිහාසය, හික්මීම, සංස්කෘතිය ආදී සංකල්ප වලට සම්බන්ද එහෙත් මා වචන කර ගැනීමට අසමත් අඩවියක ස්ථාන ගත වී ඇති දෙයකි.








ඔහු තරම් මෑත දී අපේ ශිෂ්ටාචාරගත චින්තන සම්ප්‍රදායට අභියෝග කල කිසිවෙකු වී දැයි නොදනිමි. සියල්ලෝ බියෙන් පලායමින් සිටිති. එහෙත් කෙතරම් කාලයක් ඔහුගේ මෑත කාලීන කෘතිය වන මහිලාවංශය නොදුටු වනම සිටිය හැකි දැයි නොදනිමි.

No comments:

Post a Comment