Friday, October 13, 2017

බුද්ධ චරිතය විසංයෝජනය




-කෞශල්‍ය කුමාරසිංහ


‘නේරංජනේ ඉස්නානේ’ යනු එක් අතකට
විසංයෝජනීය ගද්‍ය කාව්‍යයකි. වෙනත් විදිහකට කියන්නේ නම් නේරංජනේ යනු බුද්ධ චරිතය විසංයෝජනය කිරීමේ
ක්‍රියාන්විතය ගද්‍ය කාව්‍යයක් බවට පත් වීමය. විසංයෝජනය හා ගද්‍ය කාව්‍යය යන සංඥා දෙක එකට පවතින විට
න්‍යායික අසීරුවක් දැනුනද මෙය ලිවිය හැකි වෙනත් ආකාරයක් මට වටහා ගත නොහැකිය. බුද්ධ චරිතය නැමැති ආඛ්‍යානය විසංයෝජනය කරන විට ඇති වන අර්ථ
ලෝකයේ අස්ථාවරත්වය තුළ, ඒ අස්ථාවරත්වය අතර
හෙළිවන දෘෂ්ඨිවාදී ආවරණයන්ගේ තාවකාලිකත්වය තුළ පිරිමි බුදුන්ට ගැහැණු බුදුන් මුණ ගැසෙයි, හීනයානයට තන්ත්‍රයානය මුණ ගැසෙයි, ලිංගික ආශාවේ අවරෝධනයට ලිංගික නිදහස මුණ ගැසෙයි, නිර්වානයට සංසාරය
මුණගැසෙයි.

No comments:

Post a Comment