Wednesday, October 18, 2017

පශ්චාත් නූතනවාදය හැඳින්වීමක්


මෙම කෘතිය ලෝ පතල 
දාර්ශණික හඳුන්වාදීම් කෘති 
පෙළකට අයත් වෙයි. 
පශ්චාත් නූතනවාදී කලාවේ, 
දර්ශණයේ පෙළපත මෙන්ම 
එහි සමාජ දේශපාලන පසුබිමද, 
කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ 
එහි විකාශනයද, 
දාර්ශනික වශයෙන් 
එහි මූලික සංකල්පයන්ද 
හඳුන්වා දෙන 
හස්තසාර කෘතියකි.  

දර්ශණය,  කලාව මෙන්ම
දේශපාලනය, මනෝවිද්‍යාව
 යනාදී සියළු ක්ෂේත්‍රයන්හි 
හැදෑරීමකින් යුතු සැවොම
කියවිය යුතුම කෘතියකි.  

තවමත් අප රට තුළ 
බුද්ධිමය වංගගිරියක් හෝ 
අපබ්‍රංසයක් සේ
 සළකනු ලබන 
පශ්චාත් නූතනවාදී කතිකාවේ 
අක්මුල් පාදා ගැන්ම කෙරේ 
මෙම කෘතිය උපකාරක වනු ඇත. 
මෙහි පරිවර්තනය 
මෙරට කලා සංස්කෘතික 
ක්ෂේත්‍රය තුළ 
පශ්චාත් නූතනවාදී කතිකාව 
දියත් කිරීමෙහි 
පුරෝගාමී වූ 
ලේඛකයකු මෙන්ම විචාරකයකු වන 
කේ. කේ. සමන් කුමාරගෙනි.     

රිචඞ් අපිග්නානෙසි, සියාවුඩින් සාඩර්, පැටි්‍රක් කුරේ යන විද්වතුන් විසින් 
සම්පාදනය කරන ලද මෙහි නිරූපන චිත්‍ර ක්‍රිස් ගැරට් ගෙනි. 
දැනට දශක තුනකට අධික කලක් මුළුල්ලේ මෙරට දාර්ශණික, සංස්කෘතික, 
දේශපාලන, කලා මෙන්ම ශාස්ත්‍රාලයීය ක්ෂේත්‍රයන් කෙරේ 
කතිකාමය බලපෑමක් ඇති කොට ඇති පශ්චාත් නූතනවාදී දර්ශනය, 
කලාව මෙන්ම එහි පසුබිම පිළිබඳ 
අංග සම්පූර්ණ හැඳින්වීමක් 
මෙම කෘතිය ලබා දෙනු ඇත. 



No comments:

Post a Comment