Thursday, October 12, 2017

සිහින වලට තේරුමක් තියනවා කියල මම දැනගත්තෙ සර්පයාගෙන්

Charith Suddathchari
සර්පයාගේ article එකක් කරලා අරන් වරෙන් මල්ලි. 2004 දවසක දිනමිණ පත්තරේ හිටපු ශෂි ප්‍රභාත් රණසිංහ මට කතා කරලා කියනවා. මම ඒ අවස්ථාව එනකම් මඟ බලාගෙන හිටියෙ. සර්පයා ගැන අහල , කියවලා තිබුනේ කාලෙකට කලින්. මිනිස්සු අතරේ වෙනස් කෙනෙක් කියලයි මගේ හැදෑරීම. K.A සමන් කුමාර "සර්පයා" වෙනකොට මට හරියටම අවුරුදු 04යි. "සර්පයෙකු හා සටන් වැද" K.A සමන් කුමාර ලියන්නෙ 1984. ඊට පස්සෙ තමයි ඔහු සර්පයා වෙන්නෙ.
මම සර්පයාට කතා කලා. නුගේගොඩට වරෙන් මල්ලි කිව්වා. සුජීව ප්‍රසන්න ආරච්චිගෙ පත්තර කන්තෝරුවෙදි සර්පයා මට මුණගැහුනේ. සුජිවයි සර්පයයි කියන්නෙ හැඩතල දෙකක්. ඒ හැඩතල දෙකටම මම කැමතියි. සර්පයා සුජීව ළඟ ඉඳන් ඒ කාලෙ පොඩි එවුන්ට පොත් ලියනවා. හිතේ තියන හැම ප්‍රශ්නයක්ම මම සර්පයාගෙන් ඇහුවා. එදාම මම සර්පයා ගැන ලියලා අහවර කලා. මරු වැඩක් මල්ලි ශෂී ප්‍රභාත් article එක බලලා කිව්වා. ඒක දිනමිණ පත්තරේ පලවුනා. සර්පයා ගැන ලියලා. by line එකේ මගේ නම යනකොට දැනුනේ පුදුම සතුටක්.
දවසක සර්පයාගෙ නම රේඩියෝ එකෙන් ඇහෙන්න ගත්තා. මට තවමත් පුදුමයි. මිනිස්සු දකින සිහින ගැන සර්පයා කතා කරනවා. සිහින වලට තේරුමක් තියනවා කියල මම දැනගත්තෙ සර්පයාගෙන් එදා ඉඳන් අද වෙනකම් මම සිහින දකිනවා.
සර්පයා අරවින්ද එක්ක ලියපු "ලෝලීටා" වෙනස්ම අත්දැකීමක්. පොත කියවන්න කලින් මම film එක බලලා තිබුන. ඒ කාලේ දීප්ති කුමාර ගුණරත්න film ගැන කතා කරන්න චිත්‍රා ස්ටුඩියෝ එකට එනවා. ෂෙහාන්, රේවත, අයියලා එක්ක මමත් එතන ඉන්නවා. අපි ලොලීටා ගැන ගොඩක් දේවල් කතා කරල තියනවා. පොත කියවන්නෙ ඒ මතකයත් එක්ක. මගේ ජීවිතයටත් ලෝලීටා කෙනෙක් එනවනම් කියල ඉඳල හිටල මටත් හිතෙනවා.
සර්පයා කියන්නෙ පුදුම සතෙක්, පුදුම මිනිසෙක් සිහින කල්පිත සාහිත්‍ය, ස්ත්‍රීය, ලිංගිකත්වය සහ ග්‍රහචාරය කියල ජගත් මාරසිංහ සර්පයාගෙ ලිවිම ගැන එක වරක් ලිවුවා. සර්පයා උඩින් කියවන්න බැහැ. ඇතුලට යන්න ඕනි. සමහරුන්ට සර්පයා සතෙක් වගේ දැනෙන්නෙ, උඩින් කියවන් ගියාම.
sex කියපු ගමන් බය වෙනවා. සංස්කෘතිය ඇවිස්සෙනවා. අමාත්‍යංශ පිටින්ම මිනිස්සු කැමති නැහැ ඇතුල එලියට දාන්න. සතා මාට්ටු වෙනකොට රිදෙනවා. ගැහැණු එක්ක සෙල්ලම් කරනු කියල ලිව්ව ගමන් මහිලා සමිති අවිස්සෙනවා. ගැහැණු මාරු කියල කිව්ව ගමන් ඔලුව වනනවා. සම්බන්ධතා කියන්නෙ අමුතු එකක්. අයිතිය කියන්නෙ පවක්. නිදහස් කරන්න සැහැල්ලුවක් දැනෙයි.
ගැහැණු කියන්නෙ smart phone එකක් ටෙලිෆෝන් ආවෙ කතා කරන්න. දැන් කතා කරනවා හැර හැමදේම ෆෝන් එකෙන් කරනවා. එත් කවුරුත් ඒක වැරදි කියල කියන්නෙ නැහැ. බැමි බිඳෙන්නේ එහෙම. smart phone එකට deta ඕනි. deta අනුව තමයි සෙල්ලම තීරණය වෙන්නෙ. මට හැම වෙලාවකම ඕනි තාප්ප කඩන්න. මම හදන තාප්ප වල ගඩොල් නැහැ. මට ඕනම වෙලාවක ඕනම දෙයක් අත් හරින්න පුළුවන්.
සර්පයා කියවල ඔබට ලැබුනෙ මොනවද කියල කවුරුහරි ඇහුවොත් මේ වගේ කතා ටිකක් මට කියන්න පුළුවන්.
අවුරුදු ගානකට පස්සේ book fair එකේදි සර්පයා ආයෙ මට හම්බුනා. "මුළු ගෙයිම අමතර යතුරු කැරැල්ලකුත් උන්නාන්සේ ළඟ තිබුනා. එකත් දාගෙන ෆෝන් එක on කරන් උන්නාන්සේ වාහනේට නැග්ග. මේ ඇඳුමින් උන්නාන්සේ යන්නේ අවල කෙලියේ කියල හැමෝම දන්නවා. එත් එකෙ ප්‍රශ්නයක් නැහැ. හැමෝටම අවල කෙළි කෙලින්න නිදහස තිබුනා. කවුරුත් ඇඟිලි ගැහුවේ නැහැ. කරන දෙයක් හොරෙන්. එච්චරයි."
අර්ධ නාරී සර්පයාගේ අලුත් වැඩේ. ඇවිස්සෙන්න පුළුවන්. පිච්චෙන්න පුළුවන්. පපුවෙ අමාරු තියනවනම් කියවන්න කලින් දෙපාරක් හිතන්න. විශේෂයෙන්ම සංකෘතික අමාත්‍යංශයේ ඉහල සිට පහලට මේ පොත අපලයි. වැරදිලාවත් කියවලා සිහිනයක් දැක්කොත් සර්පයා අමතන්න.

No comments:

Post a Comment