Thursday, October 12, 2017

ගැහැනුන්ගෙන් ප්‍රවේසම් වෙන්න



සමන් කුමාරගේ සාහිත්‍යය තුළ ගොඩනඟන දෙබිඩි ස්ත්‍රිය යනු
බටහිර ස්වාමියාගෙන් ලද නිදහස්කාමී ජීවිතය සහ ලංකාවේ ග්‍රාමීය
ගුප්ත ස්ත්‍රී භූමිකාව සහිත අසම්පූර්ණ ස්ත්‍රියකි.
කතිකාවෙන් ආත්මීය තලයට මාරුවන විට
ස්වදේශීය ස්වාමියකු නැති නිසා නැවත ස්ත්‍රිය පිළිබඳ එන්නේ අපේම අදහසයි.
සර්පයාගේ බෙනයට පිටතින් බටහිර නිදහස්කාමී ස්ත්‍රිය
ශ්‍රී ලාංකික සදාචාරාත්මක පිරිමියා තුෂ්ණිම්භූත කරමින් රංගනයක නියැළෙන
අතර බෙනය තුළ අහිංසක සංවර ගැමි ස්ත්‍රිය
එම පිරිමියාගේ ලිංගික කුතුහලය අවුස්සමින්
තමාගේ සමාජ විරෝධී සටකපට භූමිකාව රඟ දක්වමින් සිටී.
මනමේ වැනි නාට්‍යයකින් පවා සිදු කරන ලද්දේ
ස්ත්‍රියගේ ආශාව  පිළිබඳව ප්‍රහේලිකාවක් ඉතිරි කිරීම
වන අතර සරච්චන්ද්‍රයන්ගේ සිට
ලංකාවේ සම්භාව්‍ය කලාව  අපව යොමු කරන ලද්දේ
ආලෝකය වෙත නොව අන්ධකාරය වෙතටයි.



http://3mana.com/

No comments:

Post a Comment