Wednesday, September 11, 2019

“ඇගෙ නම රතී”



Sapio sexual erotic poetry collection with crazy wisdom & emotional intelligence


                                 සරස්වතී 
කලාවේ සදා සරණාගතී
ඥාණයෙන් බඩ නොපිරේ යැයි කී 
ලක්ෂ්මිය වඳින්නට යන උන්ට
ඇස් ඉස් මස් ලේ දන් දුන් 
සරණාගතී
ලක්ෂ්මී දෙවොල මුල

ජගන් මෝහිනී ඔබමය
මධුර භාෂණය රුදු වුණ
චාරු දේහිනී රළු වුණ
කමල වාචිනී මැල වුණ

සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී


කේ. කේ. සමන් කුමා­රගේ නව­තම කාව්‍ය සංග්‍ර­හය “ඇගෙ නම රතී”නමින් දැන් නිකුත් වී තිබේ. 

‘නගා මැරූ අල’, ‘කවි නැවත් කොළ­ඹට’, ‘මගේ පුංචි මාතා­හාරි’, ‘ඉතිරි බිතිරි’ යන කාව්‍ය සංග්‍ර­හ­යන් මීට පෙර පළ කොට ඇති ප්‍රවීණ ලේඛ­ක­යකු, විචා­ර­ක­යකු, පරි­ව­ර්ත­ක­යකු මෙන්ම ජන­මා­ධ්‍ය­වේ­දි­යකු ද වන 
කේ. කේ. සමන් කුමා­රගේ පස් වන කාව්‍ය සංග්‍ර­හය වන මෙය ශෘංගා­රා­ත්මක කවි එක­තු­වකි.

Tuesday, February 5, 2019

නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවේ.






ප්‍රවීන ලේඛක කේ. කේ. සමන් කුමාර විසින් මෙහෙයවනු ලබන නිර්මාණාත්මක ලේඛනය වාර්ෂික පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.

මෙම පාඨමාලාවෙන් අරමුණු කරනුයේ නිර්මාණාත්මක ලේඛනයේ න්‍යායික පාර්ශ්වය - තාක්ෂණික මෙන්ම දෘෂ්ටිමය පාර්ශ්වය පිළිබඳ අවබෝධය ලබා ගැනීම සහ ගවේෂණය උදෙසා ප්‍රවේශයක් ලබාදීමයි. එහිදී ප්‍රායෝගික අත්දැකීම් හා පුහුණුව තුළින් පමණක් ලබත හැකි මාධ්‍යමය හා වෘත්තීය පරිණත බව ලබා ගැනීම සඳහා මග පෙන්වීමක් ලබාදීමද සිදු කෙරේ. වෙසෙසින්ම අද්‍යතන ලෝකයේ සාහිත්‍ය සිතියම තුළ තම ආත්මීය, ස්වීය අනන්‍යතාව නිසි පරිදි ස්ථාන ගත කිරීම කෙරේ අවබෝධය මෙමගින් ලබා දෙනු ඇත. 

මුහුණු පොතේ නිර්මාණාත්මක ලේඛනය පිටුවෙන් අන්තර් ජාල ලියාපදිංචිය සිදු කළ හැක. අයදුම්පත් ලබා ගැනීම සඳහා විමසීම්:

දුරකථන- 0787355629

සම්බන්ධීකාරක,
නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාව
ග්‍රැෆිකෙයා ප්‍රකාශන,
අංක 136, කොස්වත්ත පාර,
කළපළුවාව, රාජගිරිය