Tuesday, September 30, 2025

'සිංහල ජාතියේ වංශ කතාව, සංසාරාරණ්‍යය හා සයිමන් නවගත්තේගම' - විද්‍යුත් ටිප්පණිය


'සිංහල ජාතියේ වංශ කතාව, සංසාරාරණ්‍යය හා සයිමන් නවගත්තේගම' 

-  විද්‍යුත් ටිප්පණිය 


තනි සරල රේඛාවක් වන චීන වංගගිරියක් ගැන මං දන්නවා

- ජෝර්ජ් ලුයී බෝගෙස්


                                        වැඩිදුර හදාරන්නන් සඳහා

අන්තර් පාඨාන්තරීය හා විෂම කතිකාමය මූලාශ්‍ර

නොහොත්

අරියාද්නේගේ වංග ගිරිය


-සයිමන් නවගත්තේගම 

https://www.youtube.com/watch?v=hko4GguV3aE


    https://www.youtube.com/watch?v=0XGeBHTechs

    https://www.youtube.com/watch?v=jm-4PH5pFmc&t=15s



https://hearthis.at/womansstage/human/



https://www.youtube.com/watch?v=keeH6FRlUlA


අජිත් තිලකසේන 

https://www.youtube.com/watch?v=32wxnXgDwCk


https://www.youtube.com/watch?v=XUn1-Uj60XI&t=3s


නදීකා බණ්ඩාර

 https://www.youtube.com/watch?v=RtUUiQao5Ys


https://womansstage.blogspot.com/2018/09/blog-post_24.html

https://solanasarchive.blogspot.com/2020/02/blog-post.html


https://solanasarchive.blogspot.com/2019/10/nadeeka-bandara-art-of-feminine-wisdom.html


බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය

https://solanasarchive.blogspot.com/2019/10/buddhist-wisdom-literature-k-k-saman.html

 

ක්වොන්ටම්වාදය

 https://solanasarchive.blogspot.com/2020/03/blog-post.html



වෛදික ප්‍රඥා මාර්ගය 


https://www.youtube.com/watch?v=Rq793mKNUeI


https://www.youtube.com/watch?v=WP7fJ9Iw3J8


https://www.youtube.com/watch?v=RVT60SA3KgM


https://www.youtube.com/watch?v=iODchMMsT8E&t=22s


https://www.youtube.com/watch?v=TuQe-4bPdZk


https://www.youtube.com/watch?v=GVbFCEi9raY

https://www.youtube.com/watch?v=tUPsu-VJq1w

https://www.youtube.com/watch?v=yEBiV0HQkiI

https://www.youtube.com/watch?v=CkyyhoyXMXY

https://www.youtube.com/watch?v=tUPsu-VJq1w


දියෝනිසියානු කලාව 

https://www.youtube.com/watch?v=IXoBJj7Ilhk&t=12s



චාරු නිවේදිත සහ සීමාතික්‍රමණික සාහිත්‍යය

  https://www.youtube.com/watch?v=bzJKPKukE60&t=1067s

https://www.youtube.com/watch?v=n6jzNCvF-rc&t=29s

https://www.youtube.com/watch?v=3OT7e4EBAvE


https://www.youtube.com/watch?v=gQsIJJ5_ZeA&t=28s

https://www.youtube.com/watch?v=crHamQjwAqM&t=20s

https://www.youtube.com/watch?v=djfceoOyUm8

https://www.youtube.com/watch?v=YDY0oxqU4mo&t=298s

https://www.youtube.com/watch?v=Djt9mQrIKno&t=3964s


සැණකෙළිකරණය 


https://www.youtube.com/watch?v=0Wrd88rs6R8&t=1565s

https://www.youtube.com/watch?v=jqzYddcqkwY



නානා පාෂාණ්ඩ සහ දණ්ඩ ස්ත්‍රීන් 

https://www.youtube.com/watch?v=BZrqkvGsyIw

https://www.youtube.com/watch?v=QNotlI4hHuo

https://www.youtube.com/watch?v=3H1xYUECwOw

https://www.youtube.com/watch?v=4HxDLvACh1o



Monday, August 11, 2025

"මාරස දුටු සර්ප ආධාත්මයේ හොඳම ඡායාරූපය"

 *WEB_VIRITHA@MAARASA (සයිබර් රස්තියාදුව)


    කෙලින්ම සර්පයාට ලියන්නේ සර්පයා මගින් මාරයාගේ බලයක් හෝ වෙන මගුලක් කතා කිරීමට නොවේ. මචන් නුඹ ගැන මාරස කතා කර ඇත. නුඹගේ ආදරය අසීමිත බව මම දකිමි. නුඹ පොරකි. නුඹ මාටින් වික්රමසිංහවත් උඩු යටිකුරු කරන සිහින කල්පිතය කියා සර්ප සංස්කෘතියක් බිහි කළාද නැතිද යන්න ලිවිය යුත්තේ අනාගත පරපුරේ සාහිත්ය වේදීන් විසින්ම කියා නිකමට අයාලයේ සිතේ. මේ ඡායාරූපයනම් ලස්සනයි. මොකද උඩුකය ගත්තම නුඹ ගත්ත සයිමන්ගේ ඡායාරූපය වගේම නිසා යන්නත් මාරයි. ඒ ගැන මා කුමට ලියම්ද කියා සිතේ.
    මචන් නුඹෙන් මට දැනගන්න කාරණයක් තියනවා. චාල්ස් අබේසේකර පවුල ගැන නුඹ දන්නවා. මාර චින්තකයෙක් වගේ තමා 80 දශකයේ ජවිපෙත් හැසිරුනේ. ඒ හරහා ගිහින් වගේ කතා කරන්නත් හැකියි. කෝ මචන් නුඹ විසින් කියා නුඹ නොකිව්වත් ඒ ගෑහැනුන්ගේ කලාව කියා මා අසන්නේ නැහැ. හරි මරු මචන්. නුඹ සාම්ප්රධාය වෙනස් කර තිබෙනවා නොවේ ඒකටම අපේ පැරණි හාන්සි පුටුව අරගෙන.


    පොටෝ හැහීම
- හේමන්ත අරුණසිරි -

වෙනස සයිමන්ගේ වගේ දුම් මත. සිගරට්ටුව වෙනුවට සුරුට්ටුවක්.ඡායාරූපයක නිල් වර්ණයනම් මරු. රත්පිත් උන්මාදය හෙවත් ඩිප්ප්රෙෂන් වර්ණය. යටි පතුල් වල කුණු හෝදලත් නැහැ. ඒක ඉතාම මරු මචන්.






    පොටෝ හැහීම
- හේමන්ත අරුණසිරි -

    මචන් මාරසටන් පේන්නේ මේ තිබ්බ සම්ප්රධායේ ඍණ පටලයද ධන පටලයද කියලයි. මාරස චාල්ස්ගෙන් උත්තර දෙන්නයි ආරාධනව. හැබැයි ස්ත්රිය ලිංගිකත්වය සහ ග්රහ චාරය ලියපු මාරසට ග්රහයෝ වැරදුනේ නැහැ. නුඹට නම් වැරදුනා කියන කතාව පේනවා. නැහැ මචන් වැරදිලා තියෙන්නේ මහා තේරවාදයට පිටින් සෙක්ස් කතාකරන්න ගිය සහ පරපුරක වැරදි සාධාරණී කරන්න ගිය ත්රන්ත්ර යානය මචන්. අනාගත පරපුර කියන්නේ ඒ අය ඉන්නෙත් මේ මොහොතෙම තමා. පිස්සුද. අළුත් උන් අතට ගන්නවා අතීතය අනිවා තමා. තිලෝපලා මාර්පලා මිලේරේපලා ගෞතම බුද්ධ ගැන කියලා තියෙන්නේ මොනවද කියලා හොයන්න උන් පටන් ගන්නවා. ඒ හොයන්නේ ගෞතම බුදුනුවන් නොවේ. මතක තියාගත යුතු කරුණක් තමා මේ දශකයේ 80 දශකයේ ජීවිත අවසාන කරන්න භෞතිකවම ස්වභාවයා පටන් අරන් කියලා. නමුත් මේ ඡායාරූපයනම් මරු. මොකද 80 දශකයෙන් පසු බිහිවුන සිහින කල්පිත සාහිත්ය වනාහී සාම්ප්රධායෙන් පිට පැනලා තියෙන්නේ සාම්ප්රධාය තුලමයි කියන කාරණය. හරියට අර බුදුනුවන් කෙනෙක් හිටියේ නැහැ වගේ කතා. බුදුනුවන් කොහේ ඉපදුනාම අපට මොකෝ බන්. ලෝකේ කරකවලා අතහැරිය හැටිනම් මාරම තමා
    ආදරෙයි බන් මේ පොටෝව ගත්ත එකානම් මරු. ඒකා නියමෙට අරන් තියනවා ඔය යූටියුබ් ප්රාග්ධන සේතන්ලටත් රිදෙන්නම. හොඳපිට කනපිට හැරෙව්වා කියලා අළුත් වෙනසක් වෙන්නෙැහැ කියන කතාව තමා මේ මාරස රිදෙන්න නැතිවෙන්න කියන්නේ.
    මේ ඡායාරූපයේ 80 දශකය සම්ප්රධායට විරුද්ධ වීම නියමෙට අරන් තියනවා. අනේ 80ට පසු පරපුරත් මේකේ අනාත වුනා. කාරි නැහැඉතින් යූ ටියුබ් හරහා හරි ජීවිත ප්රාග්ධන මාර්ගයකුත් තියෙන්න එපෑයෑ කිව්වලු. ඔව් ප්රාග් ධනය නැති උනත් සංකේතීය ප්රාග්ධනයවත් තියෙන්න ඒපෑ කිව්වලු.
    ඡායාරූපය ගත්තේ සර්පයා මචන් නලින්ද සිල්වගේ ගෝලයෙක්ද මන්ද? එහෙම කිව්වේ නලින් වැරදි කියන කතාවක් නොවේ. අනේ මන්දා මචන්. ඡායාරූපයනම් අහඹුව අනිවාර්යක් වූවා වගේ. මම සමහර හාමුදුරුවරුත් ඒ ඇමේ ඒල්ලී. නිකන් බුදුනුවන් ගැන විවිධ දේ කියනවා. ඒ කියන්නේ අසූවේ ලනු කාලා. අනිත් ලනු වගේ නොවේ අසූවේ ලනු. කෙලින්ම කේබල් ලනු තමා. තේරවාදයේ එල්ලී නොදන්න දෙයක් කතාකරනවාටත් වග කිව යුත්තේ අසූව දශකයේ අතරමං වූ දේශපාලනික මානසිකත්වය නොවේද කියා දකින්නත් හැකියි. මාරයි මචන්. තේර වාදයට විරුද්ද භාෂිතයට මාර ඡායා රූපයක් . හරිම ලස්සනයි. සිගරට් එක නිමලා දෙපා පහලට දැම්මනම් කෙලින්ම තේරවාදී පුබුද්ධ පොරක්ම තමා. මේ ඡායාරුවනම් තන්ත්රයානික මහා පොරවල් වන්න දඟලන සිඟිති කස්ටියගේ නායකත්වයේ නිරුවත බලාගන්න මාරම තමා.
    තෙරුවන් සරණයි මචන්.
    ජය වේවා.

Sunday, August 10, 2025

රස්තියාදුකාරයෙකුගේ කතාවස්තුව - 2

    ගැඩවිලි පණුවා ඉන්නේ මැටි සහිත පස්වල. එයාල පොළොවෙන් උඩට මතුවුණ ගමන් නලියන්න පටන් ගන්නවා. ඒකෙ සත්ව හෝ ජීව විද්යාත්මක කාරණය නං මට වැටහෙන්නෙ නෑ. මං ඒ විෂය හදාරල නැති හින්දා. දවසක් පොළොවෙ එක තැනකින් උඩට මතුවෙලා අඟලක් විතර එලියට ඇදුණු ගැඩවිලි ඔලුවක් හොඳට ලෝකය සිසාරා බලන්න ගත්තලු. තව මොහොතකින් ඒ තැනට අඟල් දෙක තුනක් එපිටින් තවත් ගැඩවිලි පණුවෙක් මතුවෙලා. දැන් අර මුලින් මෙතෙන්ට සම්ප්රාප්තවුණ කෙනා අනිත් එක්කෙනාගෙන් අහනවලු... " හලෝ යාලුවා; ඔයාව දැකීමත් සතුටක්, සෑහෙන කාලෙකින්නෙ මේ ඔයාව දකින්නෙ " කියල. එතකොට අර දෙවෙනියා කියනවලු... " යනවා හලෝ බොරු නැතුව, මං තමුසෙගෙම අනිත් පැත්තනෙ " කියල. මෙතන ඉන්නේ දෙන්නෙක් විදිහට එක්කෙනෙක් වුණත්. එක්කෙනෙක් විදිහට දෙන්නෙක් වුණත් සර්පයෙක් එහෙම මෙතෙන්ට ආවොත් ඉතිං මේ දෙන්නටම සොරිම තමයි. විෂ සහිත, විෂ රහිත තමන්ගෙ පාඩුවෙ හෙමින් සැරේ ඉදිරියට ඇදෙන සහ පොඩ්ඩ බැරිවුණත් අති දරුණු ඇටෑක් එකකට සෙට් වෙන එක එක වර්ගයෙ සර්ප කට්ටිය මේ අපේ වටපිටාවෙ ඉන්නව. හැබැයි ඉතිං එයාල අපි වගේ පාන් බනිස් කන්නේ නැති හින්දා ගැඩවිලාගෙන් ඉහළට එයාට ගිලින්න පුළුවන් හැම ජීවියෙක්ම වගේ එයාල කෑමට ගන්නව. තවත් ශිෂ්ට විදිහට කියනවනං " ගොදුරු කරගන්නව ". අත පය නැති ශරීර ස්වභාවය හින්ද මෙයාල ගමන් කරන්නේ බිම දිගේ ඉදිරියට ඇදෙමින්. ඒ ගමනේදීම තමයි එයා තමන්ට ඕනෑ කරන පෝෂණ සප්පායම ලබාගන්නෙත්.



    අද අපිට මුණ ගැහෙන සර්පයා ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. මෙයත් හරිම දරුණු සටන් කාරයෙක්. හැබැයි එයා සටන් කරන්නෙ එලියෙදි මුණගැහෙන කට්ටිය එක්ක නෙවෙයි. එයා ඇටෑක් කරන්නෙ එයාටමයි. ඒකෙන් එයා පිරිපහදු කරගන්නෙ සැරින් සැරේ තමුන්ගෙ චින්තන වැඩබිමේ ගැඩවිල්ලො වගේ මතුවෙන අසමතුලිත ලප කැළැල් වල සංඝටක වගේ දේවල්. එයා හැම වෙලාවකම වගේ කරන්නෙ ලෝකය ප්රශ්න කරන එක. ඒ ප්රශ්න සහගත ගැටුමෙන් තමයි එයා පෝෂණය වෙන්නෙ. මෙයත් හැම මොහොතකම එක එක හැඩයෙ සාහිත්ය ඉසව් සම්භාරයක් අතරෙ කරක්ගහන එක්තරා විදිහක රස්තියාදුකාරයෙක්. පාඨක අපේ සන්තානයන් හොල්ලල පොළොවෙ ගහන්ට සමත්වුණු ' සර්පයෙකු සා සටන් වැද " කෙටිකතා පොත පූරකයෙක් විදිහට ගත්තත් කවි , පරිවර්තන දහයක්, දොළහක් වගේ ගණනක් මේ හිතුවක්කාර සර්පානුසාර ලියන්නාගේ ලැයිස්තුවට ඇතුළත්. කේ කේ සමන්කුමාර කියන සර්පයගෙ භෞතික රූපකාය සමානවෙන්නෙ සර්පයෙකුටම තමයි. ඕනෑම ගුලකින් රිංගලා යන්න පුළුවන් සිරුරකට අයිතිවාසිකම් කියන අපේ කාලයේ සර්පයා, තියුණු උල් සහිත කටුපඳුරු ගාලක් අස්සෙන් වුණත් ඉදිරියට ඇදෙන්නෙ, සුමට සිනිඳු මතුපිටක් මත්තෙන් හරිම සුවදායකව ලිස්සලා යනව වගේ. මේ වතාවෙ මට සර්පයා හම්බවෙන්නෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. මීට කලින් අන්තිම වතාවට මම දැකපු සර්පයා හරිම ආවේගශීලිව ශබ්දනගන්නෙක්. නමුත් මේ වතාවෙ හම්බවුණේ, හෙමින් කතාබහ කරන තැන්පත් සර්පයෙක්. එයා දැන් එයාඑක්කම ගැටෙන්නෙත් හරිම සංයමයකින්. ඒ නිසා ඔබටත් මටත් කිසිම බයක් හැකක් නැතුව ගැඩවිලි පණුවන්ගේ වේශයෙන් කොහේ හරිතැනක මතුවෙලා නලියන ගමන් එක්කෙනෙක්, දෙන්නෙක් හෝ රංචුවක් විදිහට හරි එයත් එක්ක සාමීචියේ යෙදෙන්න පුළුවන්. සර්පයා එතෙන්ට ඇදුනත් එයත් සාවධානව ඒ සංවාද බිමේ එකත්පස් වෙනවා සත්තයි. හැබැයි කිසිම කෙනෙකුට නළා පිඹල නං මෙයාව මෙල්ල කරගන්න බැහැ. අතීතයෙදි මට මුණගැහුණු නිරීක්ෂණශීලි, ගවේෂණශීලි, සංවාදශීලි සර්පයා නං තාමත් මෙයා ඇතුළෙ ඉන්නවා. සමහරු නං මෙයාගෙ වලිගෙ එල්ලිල ගොඩ යන්ටත් වලිකනවා. සර්පයා අහුවෙයි ඒවට.




    සමන්කුමාර ගලඋඩ ඉස්කෝලෙ ඉගෙනගත්තු කාලෙ එයාගෙ සුවිශේෂී හිතන පතන ක්රමවේදය තියුණු කරගන්න ටෝච් එක අල්ලපු ගුරුවරයෙක් වුණ සමරසිංහ ගුණසේකර මහත්තයගෙන් දවසක් මම අහනවා ගුණසේකර මහත්තයෝ ඔහේගෙ ලැටරල් තින්කිං වලට අනුගත කේ කේ සමන්කුමාර කියන ගෝල සර්පයා ඔබතුමා නිර්වචනය කරන්නෙ මොන විදිහටද?




    මෙන්න එයාගෙ උත්තරේ............

    " මහත්තයෝ සර්පයා කියල කියන්නෙ නිර්මාණශීලි උන්මත්තකයෙක්. ඒ ජාතියේ තව බඩුවක් මේ ජීවිත කාලෙදි ආපහු හම්බවෙන එකක් නෑ ............"
වචන ඇමිණීම සහ පොටෝ හැහීම
- හේමන්ත අරුණසිරි -