‘පාශයක් ඇත සිහින ඇස්වල
නුරා උතුරයි රත් දෙතොල් තුළ
සසල විය මොහොතකට මා හද
කියනු මැන ඔබ කවුරුදැයි ළඳ
ඈ කීවා
සිනා සිසී
‘මම ගැහැනී
නම රමණී’
මහගමසේකරගේ කාව්‍ය නිර්මාණයන්හි එන
දෘෂ්ටිමය වශයෙන් මෙන්ම
සෞන්දර්්‍ය විද්‍යාත්මක වශයෙන්
හඳුනා නොගත් පැතිකඩ ගණනාවක්
මෙම විචාර නිබන්ධය මගින් සලකා බැලේ.
සේකරගේ කාව්‍යයන්හි ඇති චිත්තරූපවාදී
කාව්‍ය ලක්ෂණ මෙන්ම ප්‍රතිකවි ලක්ෂණද,
පශ්චාත් නූතනවාදී යැයි සැළකිය හැකි
ඇතැම් ලක්ෂණද, එමෙන්ම
ඔහුගේ කාව්‍යයන් තුළ දකිත හැකි
මහායානික ප්‍රඥා මාර්ගික දැක්මද
මෙයින් විමසා බැලේ.
සේකර නූතන බෞද්ධ ප්‍රඥා මාර්ගික
සාහිත්‍යයේ සමාරම්භකයා යනුවෙන්
හඳුන්වන කතුවරයා
මරණය, රමණය, සුරාව, වෛශ්‍යාව යනාදී
විවිධ තේමාවන් ඔහුගේ කෘතීන් තුළ
ගැබ්වන ආකාරය මෙහි සලකා බලයි.
මෙය සේකරගේ කාව්‍ය ව්‍යාපාරය පිළිබඳ
බහුමානික කියවීමක් ලෙස හැඳින්විය හැකිය.
'සේකර වෙනුවෙන්
අද අපට කළ හැකි යමක් ඉතිරි ව ඇත.
එනම්; ඔහුගේ සමස්ත නිර්මාණ දෙස
අලුත් විචාර එළැඹුමකින්
යුක්තව බැලීම ය.
නූතන භාෂාවෙන් කිවහොත්
නව කියැවීමක යෙදීමය.
මෑතදී කේ. කේ. සමන් කුමාර එබඳු
උත්සාහයක් ගත්තේ ය.'
සුනිල් මිහිඳුකුල -සිළුමිණ
No comments:
Post a Comment