සර්පයා නම් වියුක්ත පුද්ගලයාව ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික සන්දර්භය ඇතුලේ විශ්ලේශණය කිරීම එක අතකින් ඉතිහාසය විද්‍යාවක් බවට තහවුරු කිරීමකි. අනෙක් අතට සර්පයාව ඉතිහාසකරණයෙන් (ඉතිහාස කතාවක්)ගලවාගත හැක්කේද ඉතිහාසය නම් ආඛ්‍යානයටයි. මට කීමට අවශ්‍ය වන්නේ 80 දශකය සුවිශේෂය යන්න නොවේ. අනෙක් අතට 80 දශකය මුල සමාජ අවකාශයට මුදාහැරී ගොස්, පසුව පවතින ධනේෂ්වර බල රටාවට වඩාත්ම අවශෝෂණය වූයේ 80 දශකයේ මිනිසුන් යයි කීමටද මට අවශ්‍ය නැත. මගේ අදහස වන්නේ 80 දශකය ඇයි මෙතරම් දීර්ඝ වූයේ යන්න පැහැදිලි කිරීම (හොබ්ස්බෝම් ගේ ප‍්‍රවාදයට අනුව 20 වන සියවස කෙටිය) මගින් එක්තරා දේශපාලන ප‍්‍රවාදයක් තහවුරු කළ හැකි බවයි. අපට එම ප‍්‍රවාදය මෙසේ සූත‍්‍ර ගත කළ හැකිය. 80 දශකයට පසුව ගතවූ කාලයක් (Time ) නැත. ඉන්පසු වෙනස් වී ඇත්තේ අවකාශය (Space ) පමණි. මෙම සන්දර්භය තුළ කාලය ගලායාමක් සිදු නොවන නිසා ඉන්පසු සිදුවන සෑම සිදුවීමක්ම අපව පසු ආවර්තනය කරන්නේ 80 දශකයටය. ඉන් අදහස් වන්නේ 80 දශකයට සාරයක් ඇත යන්න නොවේ. විලෝමව ඉන් අදහස් වන්නේ 80ට පසු සාරයන් (Essence ) බිහි නොවූ බවයි. ලංකාවේ ඉතිහාසය මේ නිසා අසූව දශකයට පසු නතර වී ඇත. මෙහි අදහස මෙලෙස ලඝු කළ හැක. 80 දශකයට පසු මිනිසුන් නිදහස ගැන සිතා නැත. ඒ වෙනුවට උත්සාහ කර ඇත්තේ ප‍්‍රාග්ධනය එකතු කිරීමටය. මේ නිසාම 80 දශකය ගැන යළි කතාකිරීමට උත්සාහ කිරීම කටුගෙය නැරඹීමට යාමක් විය හැකිය.
සර්පයාත්, ඔහු සහ රොහාන් කේන්ද්‍රීය කොළඹ දිස්ත‍්‍රික්කයේ සංවාද කුලකයත් බිහි වන්නේ ලංකාවේ සමසමාජ-කොමියුනිස්ට් ප‍්‍රමුඛ වාමාංශික දේශපාලනය නිදහස් ආර්ථිකය සහ දෙමළ දේශපාලනය මගින් 80 දශකය මුල අභියෝගයට ලක් වූ පසුවය. එකළ අපට නමක් තැබිය නොහැකි වුවත් මේ වන විට නමක් දිය හැකි දේශපාලන ප‍්‍රවණතාවයක මුල්තැන ගත්තේ සමන් සහ රොහාන්ය. ඔවුන් අනුදත් දේශපාලනය තුළ සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂයකට වඩා වැඩි දෙයක් සහ අඩු දෙයක් සමාජයට හඳුන්වා දුනි. සම්ප‍්‍රදායික පක්ෂයක් නොකළ දෙයක් ඔවුන් පටන් ගත්තේය. එය නම් ජීවිතය දාර්ශණිකකරණය කිරීමයි. පක්ෂයක් සාමාන්‍යයෙන් දෛනික දේශපාලන අරගලවලට සහභාගී වන මුත් සර්පයා හෝ රොහාන් ඒවාට සහභාගි වූයේ නැත. ඔවුන් යකඩ කටහඬවල්වලින් කතා නොකළ බව අවිවාදිතය. නමුත්
එඬේරුන් මෙන් සෑම තැනම යමින් ජීවිතය යනු කුමක්ද? යන ප‍්‍රශ්නය ඇසුවේය. එය මිනිසාගේ සත්තාවට අදාළ ප‍්‍රශ්නයකි. විද්‍යාවට සහ ආගමට විග‍්‍රහ කළ නොහැකි ආකාරයට 80 දශකය මුල වන විට සමාජ-ජීවිතය ප‍්‍රසාරණය වී තිබුණි.
දීප්ති කුමාර ගුණරත්න- සර්පයකු හා සටන් වැද පසුවදන
No comments:
Post a Comment