Monday, April 13, 2026

නේරංජනේ ඉස්නානේ---




"සර්පයාගේ" ලිවීම් මිස, "කියවීම්" මට නොදිරවයි. "තෝනලය" ආදී මාධ්‍යයන්හි උගුලකට සර්පයාගේ "කියවීම්" වැටී ඇති සෙයක් හඟිමි. ඔහු "ලියන්නෙකු" මිස "කියවන්නෙකු"නොවේ.ඔහුගේ ලාලසාව,රාගය හා ධාරිතාව කියවීම් හි දියව යනු දැරිය නොහැක.

සර්පයාගේ "කියවීම්" ගැන මාගම් සෝලින්,සර්පයා පොදු සමාජයට කැඳවා ඇති හෙයින්, "එයත් ඇවැසියැ"යි කෙටියෙන් කියමි.

සර්පයාගේ ලිවීම්වල සම්බෝධිය "නේරංජනේ ඉස්නානේ" ය. එය පල කෙරෙනුයේ, 1993 දී ය.එතැන් පටන්, අද දක්වා අතට අසුවෙන,මතක් වෙන හැම විටම කියවමින්, යළි යළිත් සම්බෝධිය සොයමි.විඳිමි.

"නේරංජනේ ඉස්නානේ" ගැන කළ, මා දන්නා ප්‍රථම විචාරය කළේ සිංහල ගුරුවරයෙකු වූ, ස්වාමීන් වහන්සේ නමකි.ඒ, 1995 දී විය යුතුය.

"ඔය මිනිහා ඔය චන්ද්‍රිකා ගේ ඡන්ද කැම්පේන් එකනෙ කළේ. ගෑණියෙක් බුදු වෙනවා කිව්වේ චන්ද්‍රිකා ජනාධිපති වෙන එකනේ".

ථේරවාදි ගැහැණියක් බුදු වූයේ පළමුවරටය. ඇතමුන්,නේරංජනා ඉස්නානේ මහායාන සුත්‍රයකැයි කියති. එය ථේරවාද අටුවාවකැයි කියමි.

ශාසනයේ ආයුෂ නම් විනයයි.එනම් ධර්මයේ ශික්ෂණය වීමයි.ධර්මයේ පැවතීමයි.

ශාසනය ඉන් විනිර්මුක්ත වූ පසු, බුදුවන්නට ඇවැසි කෙ⁣නෙකුට බුදුවන්නට තැනක් නැතිද?.ඇත.ඊට ශාසනයෙන් මහාභිනික්මන් කළ යුතුය. 

ඒ සඳහා පිරිමියෙකුට ධෛර්යයක් නැත.ඔහුගේ සියල්ල ශාසනයයි.ශාසනයෙන් විනිර්මුක්ත පැවැත්මක්  ඔහුට නැත. මෙනයින්,ශාසන වියුක්ති  පිරිමි පැවැත්ම හිස්ය.

එහෙත් ගැහැනියට එසේ නොවේ.ශාසනය ඇයට බුදුවන්නට ඉඩනොදේ.ඇයගේ සියල්ල උකහාගෙන වියෝ කරනු වස් ඇයරදවාගෙන සිටී.ඇය බුදුවනවානම් ශාසනයෙන් වියුක්ත විය යුතුය.මෙනයින්,ශාසන වියුක්ත ස්ත්‍රි පැවැත්ම ශුන්‍යය.

ශාසනයෙන් වියෝව, මහාභිනික්මන සඳහා ඈ ඇය මත පටවන ලද සියලු පළිබෝධ අතහළ යුතුය.

”ඈ නැඟී සිටියාය. සියලූ කිලි කුණු ඒ අනෝරාවෙන් සේදී ගොස් තිබිණි. ඈ දෙපා අසල රන් කගක් විය. ඈ එය අතට ගත්තාය.

”සන්තානගත සකල ක්ලේශයෙහිම නිමිත්තක් බඳු වූ ඒ කේශ කලාපය සිඳ විසි කළාය. එකල්හි ඒ අහසෙහි මඳක් රැඳී තිබිණි.

”ඈ තම සිරුරෙහි එල්ලී තිබූ වැරැලි කිහිපය ගලවා දැමුවාය. අනතුරුව  ඕ නේරංජනයට බැස්සාය. එහි සැනහෙමින් නෙළුම් පතක් කඩා ‘මාගේ අධිෂ්ඨානය පරිදි වේවයි.’ කීවාය. එකල්හි ඒ උඩුගං බලා ඇදිණි.

”ඈ නේරංජනයෙහි සැනහෙමින් එගොඩට පිහිනී. ඉවුරට ගොඩව මෙගොඩ බැලී. මෙතුවක් දවස් තමා පසුපස තමාගේ මේ විපරියාසයෝ දර්ශනය කළ සතා සතුන් සියල්ලෝ තවදු එක එල්ලේ බලා සිටියෝය.

”ඈ උනට පිටු පා ඒ වන ගහනය තුළ නොපෙනී ගොස් බොහෝ වේලා යන තෙක්ම උහු ඒ බැල්මෙන්ම එදෙස බලා හුන්නෝය.”

(නේරංජනේ ඉස්නානේ 148 පිට.)

එසේම,ඇය "ඇගේම වන සියල්ල" අත්පත් කරගත යුතුය.

ශාසන ඇසට කමටහන් සඳහා ඉවත් කළ සියල්ල ඇය අත්පත් කරගත යුතුය.හරියට ශරීරයේ කැමති තැන කැමති පරිදි රෝම වැවෙන්නට ඉඩ හැරීම වැනිය. ශාසන ගතට සුව සඳහා ඉවත් කළ සියල්ල ඇය අත්පත් කර ගත යුතුය.

මේ අත්පත් කර ගැනීම් හා ඉවත් කිරීම් හෙවත් බැඳීම් අවසන් කළ පසුව ඈ ආලය විඥාන ප්‍රවාහයට එක්වෙයි.එනම් සංසාරගත වෙයි.

ඒ අසීති සංසාර ප්‍රවර්තනයේ  ආලය විඥාන ප්‍රවාහයේ අතීත අනාගතාදි කාල බැඳීමක් අවකාශ වසඟයක් රහිතව දියව යයි.

බුද්ධත්වයනම් ඒ ය.

පුරුෂයෙකුට බුද්ධත්වය උදෙසා පුරුෂත්වය අභිනිෂ්ක්‍රමණය සෑහෙන අතර, ස්ත්‍රියකට බුද්ධත්වය උදෙසා පුරුෂත්වය පරාජය කොට ස්ත්‍රිත්වය අභිනිෂ්ක්‍රමණය කිරීම කළ යුතුය.


ගාමිණී ඒකනායක

Tuesday, September 30, 2025

'සිංහල ජාතියේ වංශ කතාව, සංසාරාරණ්‍යය හා සයිමන් නවගත්තේගම' - විද්‍යුත් ටිප්පණිය


'සිංහල ජාතියේ වංශ කතාව, සංසාරාරණ්‍යය හා සයිමන් නවගත්තේගම' 

-  විද්‍යුත් ටිප්පණිය 


තනි සරල රේඛාවක් වන චීන වංගගිරියක් ගැන මං දන්නවා

- ජෝර්ජ් ලුයී බෝගෙස්


                                        වැඩිදුර හදාරන්නන් සඳහා

අන්තර් පාඨාන්තරීය හා විෂම කතිකාමය මූලාශ්‍ර

නොහොත්

අරියාද්නේගේ වංග ගිරිය


-සයිමන් නවගත්තේගම 

https://www.youtube.com/watch?v=hko4GguV3aE


    https://www.youtube.com/watch?v=0XGeBHTechs

    https://www.youtube.com/watch?v=jm-4PH5pFmc&t=15s



https://hearthis.at/womansstage/human/



https://www.youtube.com/watch?v=keeH6FRlUlA


අජිත් තිලකසේන 

https://www.youtube.com/watch?v=32wxnXgDwCk


https://www.youtube.com/watch?v=XUn1-Uj60XI&t=3s


නදීකා බණ්ඩාර

 https://www.youtube.com/watch?v=RtUUiQao5Ys


https://womansstage.blogspot.com/2018/09/blog-post_24.html

https://solanasarchive.blogspot.com/2020/02/blog-post.html


https://solanasarchive.blogspot.com/2019/10/nadeeka-bandara-art-of-feminine-wisdom.html


බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය

https://solanasarchive.blogspot.com/2019/10/buddhist-wisdom-literature-k-k-saman.html

 

ක්වොන්ටම්වාදය

 https://solanasarchive.blogspot.com/2020/03/blog-post.html



වෛදික ප්‍රඥා මාර්ගය 


https://www.youtube.com/watch?v=Rq793mKNUeI


https://www.youtube.com/watch?v=WP7fJ9Iw3J8


https://www.youtube.com/watch?v=RVT60SA3KgM


https://www.youtube.com/watch?v=iODchMMsT8E&t=22s


https://www.youtube.com/watch?v=TuQe-4bPdZk


https://www.youtube.com/watch?v=GVbFCEi9raY

https://www.youtube.com/watch?v=tUPsu-VJq1w

https://www.youtube.com/watch?v=yEBiV0HQkiI

https://www.youtube.com/watch?v=CkyyhoyXMXY

https://www.youtube.com/watch?v=tUPsu-VJq1w


දියෝනිසියානු කලාව 

https://www.youtube.com/watch?v=IXoBJj7Ilhk&t=12s



චාරු නිවේදිත සහ සීමාතික්‍රමණික සාහිත්‍යය

  https://www.youtube.com/watch?v=bzJKPKukE60&t=1067s

https://www.youtube.com/watch?v=n6jzNCvF-rc&t=29s

https://www.youtube.com/watch?v=3OT7e4EBAvE


https://www.youtube.com/watch?v=gQsIJJ5_ZeA&t=28s

https://www.youtube.com/watch?v=crHamQjwAqM&t=20s

https://www.youtube.com/watch?v=djfceoOyUm8

https://www.youtube.com/watch?v=YDY0oxqU4mo&t=298s

https://www.youtube.com/watch?v=Djt9mQrIKno&t=3964s


සැණකෙළිකරණය 


https://www.youtube.com/watch?v=0Wrd88rs6R8&t=1565s

https://www.youtube.com/watch?v=jqzYddcqkwY



නානා පාෂාණ්ඩ සහ දණ්ඩ ස්ත්‍රීන් 

https://www.youtube.com/watch?v=BZrqkvGsyIw

https://www.youtube.com/watch?v=QNotlI4hHuo

https://www.youtube.com/watch?v=3H1xYUECwOw

https://www.youtube.com/watch?v=4HxDLvACh1o



Monday, August 11, 2025

"මාරස දුටු සර්ප ආධාත්මයේ හොඳම ඡායාරූපය"

 *WEB_VIRITHA@MAARASA (සයිබර් රස්තියාදුව)


    කෙලින්ම සර්පයාට ලියන්නේ සර්පයා මගින් මාරයාගේ බලයක් හෝ වෙන මගුලක් කතා කිරීමට නොවේ. මචන් නුඹ ගැන මාරස කතා කර ඇත. නුඹගේ ආදරය අසීමිත බව මම දකිමි. නුඹ පොරකි. නුඹ මාටින් වික්රමසිංහවත් උඩු යටිකුරු කරන සිහින කල්පිතය කියා සර්ප සංස්කෘතියක් බිහි කළාද නැතිද යන්න ලිවිය යුත්තේ අනාගත පරපුරේ සාහිත්ය වේදීන් විසින්ම කියා නිකමට අයාලයේ සිතේ. මේ ඡායාරූපයනම් ලස්සනයි. මොකද උඩුකය ගත්තම නුඹ ගත්ත සයිමන්ගේ ඡායාරූපය වගේම නිසා යන්නත් මාරයි. ඒ ගැන මා කුමට ලියම්ද කියා සිතේ.
    මචන් නුඹෙන් මට දැනගන්න කාරණයක් තියනවා. චාල්ස් අබේසේකර පවුල ගැන නුඹ දන්නවා. මාර චින්තකයෙක් වගේ තමා 80 දශකයේ ජවිපෙත් හැසිරුනේ. ඒ හරහා ගිහින් වගේ කතා කරන්නත් හැකියි. කෝ මචන් නුඹ විසින් කියා නුඹ නොකිව්වත් ඒ ගෑහැනුන්ගේ කලාව කියා මා අසන්නේ නැහැ. හරි මරු මචන්. නුඹ සාම්ප්රධාය වෙනස් කර තිබෙනවා නොවේ ඒකටම අපේ පැරණි හාන්සි පුටුව අරගෙන.


    පොටෝ හැහීම
- හේමන්ත අරුණසිරි -

වෙනස සයිමන්ගේ වගේ දුම් මත. සිගරට්ටුව වෙනුවට සුරුට්ටුවක්.ඡායාරූපයක නිල් වර්ණයනම් මරු. රත්පිත් උන්මාදය හෙවත් ඩිප්ප්රෙෂන් වර්ණය. යටි පතුල් වල කුණු හෝදලත් නැහැ. ඒක ඉතාම මරු මචන්.






    පොටෝ හැහීම
- හේමන්ත අරුණසිරි -

    මචන් මාරසටන් පේන්නේ මේ තිබ්බ සම්ප්රධායේ ඍණ පටලයද ධන පටලයද කියලයි. මාරස චාල්ස්ගෙන් උත්තර දෙන්නයි ආරාධනව. හැබැයි ස්ත්රිය ලිංගිකත්වය සහ ග්රහ චාරය ලියපු මාරසට ග්රහයෝ වැරදුනේ නැහැ. නුඹට නම් වැරදුනා කියන කතාව පේනවා. නැහැ මචන් වැරදිලා තියෙන්නේ මහා තේරවාදයට පිටින් සෙක්ස් කතාකරන්න ගිය සහ පරපුරක වැරදි සාධාරණී කරන්න ගිය ත්රන්ත්ර යානය මචන්. අනාගත පරපුර කියන්නේ ඒ අය ඉන්නෙත් මේ මොහොතෙම තමා. පිස්සුද. අළුත් උන් අතට ගන්නවා අතීතය අනිවා තමා. තිලෝපලා මාර්පලා මිලේරේපලා ගෞතම බුද්ධ ගැන කියලා තියෙන්නේ මොනවද කියලා හොයන්න උන් පටන් ගන්නවා. ඒ හොයන්නේ ගෞතම බුදුනුවන් නොවේ. මතක තියාගත යුතු කරුණක් තමා මේ දශකයේ 80 දශකයේ ජීවිත අවසාන කරන්න භෞතිකවම ස්වභාවයා පටන් අරන් කියලා. නමුත් මේ ඡායාරූපයනම් මරු. මොකද 80 දශකයෙන් පසු බිහිවුන සිහින කල්පිත සාහිත්ය වනාහී සාම්ප්රධායෙන් පිට පැනලා තියෙන්නේ සාම්ප්රධාය තුලමයි කියන කාරණය. හරියට අර බුදුනුවන් කෙනෙක් හිටියේ නැහැ වගේ කතා. බුදුනුවන් කොහේ ඉපදුනාම අපට මොකෝ බන්. ලෝකේ කරකවලා අතහැරිය හැටිනම් මාරම තමා
    ආදරෙයි බන් මේ පොටෝව ගත්ත එකානම් මරු. ඒකා නියමෙට අරන් තියනවා ඔය යූටියුබ් ප්රාග්ධන සේතන්ලටත් රිදෙන්නම. හොඳපිට කනපිට හැරෙව්වා කියලා අළුත් වෙනසක් වෙන්නෙැහැ කියන කතාව තමා මේ මාරස රිදෙන්න නැතිවෙන්න කියන්නේ.
    මේ ඡායාරූපයේ 80 දශකය සම්ප්රධායට විරුද්ධ වීම නියමෙට අරන් තියනවා. අනේ 80ට පසු පරපුරත් මේකේ අනාත වුනා. කාරි නැහැඉතින් යූ ටියුබ් හරහා හරි ජීවිත ප්රාග්ධන මාර්ගයකුත් තියෙන්න එපෑයෑ කිව්වලු. ඔව් ප්රාග් ධනය නැති උනත් සංකේතීය ප්රාග්ධනයවත් තියෙන්න ඒපෑ කිව්වලු.
    ඡායාරූපය ගත්තේ සර්පයා මචන් නලින්ද සිල්වගේ ගෝලයෙක්ද මන්ද? එහෙම කිව්වේ නලින් වැරදි කියන කතාවක් නොවේ. අනේ මන්දා මචන්. ඡායාරූපයනම් අහඹුව අනිවාර්යක් වූවා වගේ. මම සමහර හාමුදුරුවරුත් ඒ ඇමේ ඒල්ලී. නිකන් බුදුනුවන් ගැන විවිධ දේ කියනවා. ඒ කියන්නේ අසූවේ ලනු කාලා. අනිත් ලනු වගේ නොවේ අසූවේ ලනු. කෙලින්ම කේබල් ලනු තමා. තේරවාදයේ එල්ලී නොදන්න දෙයක් කතාකරනවාටත් වග කිව යුත්තේ අසූව දශකයේ අතරමං වූ දේශපාලනික මානසිකත්වය නොවේද කියා දකින්නත් හැකියි. මාරයි මචන්. තේර වාදයට විරුද්ද භාෂිතයට මාර ඡායා රූපයක් . හරිම ලස්සනයි. සිගරට් එක නිමලා දෙපා පහලට දැම්මනම් කෙලින්ම තේරවාදී පුබුද්ධ පොරක්ම තමා. මේ ඡායාරුවනම් තන්ත්රයානික මහා පොරවල් වන්න දඟලන සිඟිති කස්ටියගේ නායකත්වයේ නිරුවත බලාගන්න මාරම තමා.
    තෙරුවන් සරණයි මචන්.
    ජය වේවා.

Sunday, August 10, 2025

රස්තියාදුකාරයෙකුගේ කතාවස්තුව - 2

    ගැඩවිලි පණුවා ඉන්නේ මැටි සහිත පස්වල. එයාල පොළොවෙන් උඩට මතුවුණ ගමන් නලියන්න පටන් ගන්නවා. ඒකෙ සත්ව හෝ ජීව විද්යාත්මක කාරණය නං මට වැටහෙන්නෙ නෑ. මං ඒ විෂය හදාරල නැති හින්දා. දවසක් පොළොවෙ එක තැනකින් උඩට මතුවෙලා අඟලක් විතර එලියට ඇදුණු ගැඩවිලි ඔලුවක් හොඳට ලෝකය සිසාරා බලන්න ගත්තලු. තව මොහොතකින් ඒ තැනට අඟල් දෙක තුනක් එපිටින් තවත් ගැඩවිලි පණුවෙක් මතුවෙලා. දැන් අර මුලින් මෙතෙන්ට සම්ප්රාප්තවුණ කෙනා අනිත් එක්කෙනාගෙන් අහනවලු... " හලෝ යාලුවා; ඔයාව දැකීමත් සතුටක්, සෑහෙන කාලෙකින්නෙ මේ ඔයාව දකින්නෙ " කියල. එතකොට අර දෙවෙනියා කියනවලු... " යනවා හලෝ බොරු නැතුව, මං තමුසෙගෙම අනිත් පැත්තනෙ " කියල. මෙතන ඉන්නේ දෙන්නෙක් විදිහට එක්කෙනෙක් වුණත්. එක්කෙනෙක් විදිහට දෙන්නෙක් වුණත් සර්පයෙක් එහෙම මෙතෙන්ට ආවොත් ඉතිං මේ දෙන්නටම සොරිම තමයි. විෂ සහිත, විෂ රහිත තමන්ගෙ පාඩුවෙ හෙමින් සැරේ ඉදිරියට ඇදෙන සහ පොඩ්ඩ බැරිවුණත් අති දරුණු ඇටෑක් එකකට සෙට් වෙන එක එක වර්ගයෙ සර්ප කට්ටිය මේ අපේ වටපිටාවෙ ඉන්නව. හැබැයි ඉතිං එයාල අපි වගේ පාන් බනිස් කන්නේ නැති හින්දා ගැඩවිලාගෙන් ඉහළට එයාට ගිලින්න පුළුවන් හැම ජීවියෙක්ම වගේ එයාල කෑමට ගන්නව. තවත් ශිෂ්ට විදිහට කියනවනං " ගොදුරු කරගන්නව ". අත පය නැති ශරීර ස්වභාවය හින්ද මෙයාල ගමන් කරන්නේ බිම දිගේ ඉදිරියට ඇදෙමින්. ඒ ගමනේදීම තමයි එයා තමන්ට ඕනෑ කරන පෝෂණ සප්පායම ලබාගන්නෙත්.



    අද අපිට මුණ ගැහෙන සර්පයා ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. මෙයත් හරිම දරුණු සටන් කාරයෙක්. හැබැයි එයා සටන් කරන්නෙ එලියෙදි මුණගැහෙන කට්ටිය එක්ක නෙවෙයි. එයා ඇටෑක් කරන්නෙ එයාටමයි. ඒකෙන් එයා පිරිපහදු කරගන්නෙ සැරින් සැරේ තමුන්ගෙ චින්තන වැඩබිමේ ගැඩවිල්ලො වගේ මතුවෙන අසමතුලිත ලප කැළැල් වල සංඝටක වගේ දේවල්. එයා හැම වෙලාවකම වගේ කරන්නෙ ලෝකය ප්රශ්න කරන එක. ඒ ප්රශ්න සහගත ගැටුමෙන් තමයි එයා පෝෂණය වෙන්නෙ. මෙයත් හැම මොහොතකම එක එක හැඩයෙ සාහිත්ය ඉසව් සම්භාරයක් අතරෙ කරක්ගහන එක්තරා විදිහක රස්තියාදුකාරයෙක්. පාඨක අපේ සන්තානයන් හොල්ලල පොළොවෙ ගහන්ට සමත්වුණු ' සර්පයෙකු සා සටන් වැද " කෙටිකතා පොත පූරකයෙක් විදිහට ගත්තත් කවි , පරිවර්තන දහයක්, දොළහක් වගේ ගණනක් මේ හිතුවක්කාර සර්පානුසාර ලියන්නාගේ ලැයිස්තුවට ඇතුළත්. කේ කේ සමන්කුමාර කියන සර්පයගෙ භෞතික රූපකාය සමානවෙන්නෙ සර්පයෙකුටම තමයි. ඕනෑම ගුලකින් රිංගලා යන්න පුළුවන් සිරුරකට අයිතිවාසිකම් කියන අපේ කාලයේ සර්පයා, තියුණු උල් සහිත කටුපඳුරු ගාලක් අස්සෙන් වුණත් ඉදිරියට ඇදෙන්නෙ, සුමට සිනිඳු මතුපිටක් මත්තෙන් හරිම සුවදායකව ලිස්සලා යනව වගේ. මේ වතාවෙ මට සර්පයා හම්බවෙන්නෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. මීට කලින් අන්තිම වතාවට මම දැකපු සර්පයා හරිම ආවේගශීලිව ශබ්දනගන්නෙක්. නමුත් මේ වතාවෙ හම්බවුණේ, හෙමින් කතාබහ කරන තැන්පත් සර්පයෙක්. එයා දැන් එයාඑක්කම ගැටෙන්නෙත් හරිම සංයමයකින්. ඒ නිසා ඔබටත් මටත් කිසිම බයක් හැකක් නැතුව ගැඩවිලි පණුවන්ගේ වේශයෙන් කොහේ හරිතැනක මතුවෙලා නලියන ගමන් එක්කෙනෙක්, දෙන්නෙක් හෝ රංචුවක් විදිහට හරි එයත් එක්ක සාමීචියේ යෙදෙන්න පුළුවන්. සර්පයා එතෙන්ට ඇදුනත් එයත් සාවධානව ඒ සංවාද බිමේ එකත්පස් වෙනවා සත්තයි. හැබැයි කිසිම කෙනෙකුට නළා පිඹල නං මෙයාව මෙල්ල කරගන්න බැහැ. අතීතයෙදි මට මුණගැහුණු නිරීක්ෂණශීලි, ගවේෂණශීලි, සංවාදශීලි සර්පයා නං තාමත් මෙයා ඇතුළෙ ඉන්නවා. සමහරු නං මෙයාගෙ වලිගෙ එල්ලිල ගොඩ යන්ටත් වලිකනවා. සර්පයා අහුවෙයි ඒවට.




    සමන්කුමාර ගලඋඩ ඉස්කෝලෙ ඉගෙනගත්තු කාලෙ එයාගෙ සුවිශේෂී හිතන පතන ක්රමවේදය තියුණු කරගන්න ටෝච් එක අල්ලපු ගුරුවරයෙක් වුණ සමරසිංහ ගුණසේකර මහත්තයගෙන් දවසක් මම අහනවා ගුණසේකර මහත්තයෝ ඔහේගෙ ලැටරල් තින්කිං වලට අනුගත කේ කේ සමන්කුමාර කියන ගෝල සර්පයා ඔබතුමා නිර්වචනය කරන්නෙ මොන විදිහටද?




    මෙන්න එයාගෙ උත්තරේ............

    " මහත්තයෝ සර්පයා කියල කියන්නෙ නිර්මාණශීලි උන්මත්තකයෙක්. ඒ ජාතියේ තව බඩුවක් මේ ජීවිත කාලෙදි ආපහු හම්බවෙන එකක් නෑ ............"
වචන ඇමිණීම සහ පොටෝ හැහීම
- හේමන්ත අරුණසිරි -

Wednesday, April 3, 2024

Sunday, May 7, 2023

කේ.කේ සමන් කුමාර නම් සර්පයානු මායා වග්ගය❗

 



කේ.කේ. සමන් කුමාර නම් සර්පයානු මායා වග්ගය

-සූරිය සිහබාහු

ආලේඛ්‍ය ප්‍රභාවලේඛය- දිනිල් අබේගුණවර්ධන

ඔහු, කලාවෙහි ශික්ෂිත මනෝභාවයන් කලාවට විෂය විය යුතු බව සහ කලාව යනු ව්‍යංගාර්ථය, ධ්වනිතාර්ථය, අදහස් වටේ යාම සහ ආනන්දයෙන් ප්‍රඥාවට ගමන් කළ යුතු එකක් බවට මිනිසා තුළට එල්බගත් ආගමික වෙළද මතවාදයට විරුද්ධව සටන් කරන්නෙකි.
නවීකරණය විසින් සංකීර්ණ කරනු ලැබ ඇති අද්‍යතන යුගයේ ක්ෂණ භංගුර පැවැත්මකින් යුත් අත්දැකීම් මනෝවිශ්ලේෂණයට තුඩුදෙන අයුරින් විවරණය කිරීමට කේ.කේ සමන් කුමාර නැඹුරු වන්නේ ය. බෝසත්වාදී මරු විකල් දෙබිඩි දෘෂ්ටියට හා ස්වර්ණ පුස්තක දොළදුක් හැදුනාවුන්ට, හම ගැලවෙන්න සර්ප විස උරාගත් තීන්තයෙන් ලියන සර්පයා, අධිපති ලිංගික සංස්කෘතිය ප්‍රශ්න කරන, මායා යථාර්ථවාදය හෝ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය වාම දහරාවට චිරාගත වන්නේ නවීකරණ භාෂාව ද මුහුම් ලක්ෂය කර ගනිමිනි. 
ඔහු නම්, සියළු වාදයන්ගෙන් නිර්මාණ කරන සාහිත්‍යකරුවෙකු නොවෙී. ඔහු ශාස්ත්‍රාලයීය කලාවට එරෙහිව ශාස්ත්‍රාලීය නොවන ප්‍රවණතා සමග වරත්තුකාර අදහස් පවා නො සළකන්නේ ය. ඇකඩමික මර උගුල් ද, එන්ජීඔී සංස්කෘතික මධ්‍යස්ථාන ද, ලාංකේය කලා හෙජමනියේ රසවාදය නැමැති විෂම කතිකාවන් තුළ කවර සන්යුතියක් වූවද, ශුද්ධෝත්තමවාදයෙන් කැඩී වෙන්විය යුතු බව ඔහු පවසයි.මෙී ආශාව යන්නට සැබෑ අර්ථයක් ජනනය වන්නේ, ආශාව පරාර්ථක නැතහොත් අනෙකාගේ ආශාව හා බද්ධ වූ විට ය.
සර්පයෙකු හා සටන් වදිමින්, නගා මැරූ අල සමග යෙහෙන් එරුණු, ජාතක පොත්වහන්සේ සිට පුරාතන සාහිත්‍ය හා සම්භාව්‍ය ග්‍රන්ථ පුරා දිව යන සර්ප ආලනය නූතන සිංහල සාහිත්‍යයේ කැරළිකාරී සර්වාවිශ්ඨයකි. මේ සර්පයා පයනුව පූර්ණ අකුරක්ව පිහිටි සර්වකාලීණ සාහිත්‍ය නාගයෙකි. නාගයෙක් නිසාම හේ ඓතිහාසිකය. ඔහුට ලියන්නට වෙලාවක් නොදෙන තුප්පහි ආර්ථිකය හා ජීවන ප්‍රශ්න වලට ඔහුගේ ම ප්‍රණාමයෙන් පිදුම් ලබන්නේ, ලියවිල්ල අබ්බගාත යමකින් ගැලවෙන්නට තිබෙන ඉඩ වළක්වා ගන්නට යැයි ඔහු කියයි. සිහින කල්පිත සාහිත්‍ය හෝ අධිතාත්විකවාදී සාහිත්‍ය ශානරයක පය ගසාගෙන පාඨක පිරිසක් පවා නිර්මාණය කර ගනිමින් ජීවත් වීමට වෘත්තීය ලේඛකයෙකු වන කවියා, සර්ප රාගයේ සංඛෙීතය සමග සටන් වදිමින්, ශත වර්ෂයක් ගෙවී ශත වර්ෂයක් ලබන කාලයක නවකතාවක් ඇසුරින් ඔහු ඉතිරියක්ව බුදු කෙරුවා ය. සාහිත්‍ය මායා යථාර්ථාදී සන්නාමය දරාගනිමින්, රස්තියාදුව ජීවන දහමක් කරගත් සර්පයානු දිව ඇදීම, පලින් පල මහජන පුස්තකාල ශ්‍රවණාගාරය, ජාතික පුස්තකාලය, මහවැලි කේන්ද්‍රය හෝ මේ කුමන ගොඩනැගිල්ලක හෝ සංස්කෘතිය, සාහිත්‍ය, හා සිනමාව පිළිබඳ සර්පානු හැව අරින්නට සමත්කම් වූයේ ය. එහෙත්, කේ.කේ සමන් කුමාර කේන්ද්‍ර කරගත් සංවාද කුලකය බිහි වූයේ කොළඹ පසුබිම් කරගත්, එකල අධිපති ආර්ථික කතිකාවතක පිහිටවූ සුබසාධන රාජ්‍යයන් තුළ ය.එහෙත් අද කොළඹ යනු පීඩිත ජාතියේ අයෙකුට ෆැන්ටාස්මැතික මනෝභ්‍රාන්තියක් නොවෙීද ? ගම්භාර දේවතාවුන් වහන්සේගේ උරහිසේ ද, සුරතේ ද, මුවේ ද රුවා සිටිනා සර්පයෝ, කේ.කේ වර්ගයේ එවුන් නොවන්නේ ය. ඉදින්, කේ.කේ සමන් කුමාරයන් වැනි නූතනවාදී සාහිත්‍යකරුවෙකුව, එපිස්ටමික හෙවත් ඥාන සම්බන්ධී සාහිත්‍යයේ විෂමකලාස්ථ අවකාශයන් ඉන් සිහල හාලක කළු ඇට සේ වෙන්කර දමන්නේ කෙසේද ? ඉදින්, අප කේ.කේ සමන් කුමාරගේ උප නාමය වූ පුරාතන නාග ආලය සහ බැදුණු
 ' සර්පයා ' දිගේ මායා මරිචියක ලගිමින් බඩගා ඇදෙමු. 

" ගෑනු හරියට පූසො වගෙ පුරුපුරු ගගා...කොහොමද මුරු මුරු ගගා කනකොට...මේ, විජේටයි යූලිසිස්ටය් දාපු පාට් මා එක්ක දානව නෙවෙයි.මං මේ තම්බපන්නියේ පොළොව පාගපු යක්ස කොල්ලෙක්.හරි..."
( මහිලා වංශය ) 

කලා සංස්කෘතිය යනු පොදු මිනිසා වෙනුවෙන් කාන්දු නොවන සහ අධ්‍යත්මික ලෙස වුවද, තනි වැඩබිමක් ලෙස පදනම්ව කටයුතු නොකරන යමකි. එහි අබග්ගය නම්, ප්‍රේමය වැනි හැගුම්කාරක තුළ පවතින කේවල චෛතසිකයන් භාව ලෝකය තුළට කාවැද්දූ විට, එය ආචාර ධාර්මික පදනම් ඉක්මවා යන්නකි.
කාව්‍ය භූගෝලය සහ එහි භූමිදර්ශනය යන අදහසින් ධ්වනිත වන කාව්‍යකාර නිවාස සැළසුම කේ.කේ සමන් කුමාරයන්ගේ භාව ලෝකය හා අතිපිහිත වන ආකාරයත් කව්නලු රසනහර තුළ සර්පානු විස ඛේතගත වන අයුරුත්, පුහුදන් මිනිසෙකුගේ චිත්තරූවාදය අවුස්සවයි. එහෙත්, කේ.කේ සමන් කුමාර සයිමන්ගේ දිගුවක් යැයි වැරදි පූර්වකතනයක ඇතමුන් සිටී.එය එසේ වන්නේ සයිමන්ගේ සාහිත්‍ය පතපොත ප්‍රඥා මොඩලයෙන් විෂ කවාගත් පූර්වතමයා කේ.කේ සමන් කුමාර වීමෙන් ද ? අජිත් තිලකසේන, ටෙනිසන් පෙරේරා වැනි පුරෝගාමී සාහිත්‍යකයින් සර්පයාගේ පූර්වගාමීන් බව සර්පයාගේ ගුරුකුලේ ඇත්තන්ගේ මතයක් වන්නේ ය. එහෙත්, කේ.කේ විසින් ලියා ඇති නිමැවුම් කියැවීමට නම් සහෘදයා ප්‍රාමාණිකව හෝ සිහින සාහිත්‍ය න්‍යායයන් සහ භාවිතාව පිළිබඳ යම් පරිචයක් ඇගලා යුතු බව ස්ථීර ය. සිහින කල්පිත සාහිත්‍යයකට හුරු නොවූ සහෘදයා කේ.කේගේ කෘති අසභ්‍ය කැලෑ පත්තර වශයෙන් නම් තබනවා ඇත. ඒ නිසා ඒ පරතරය සහෘදයා ඇද වැටෙන අගාධයක් වැනි ය. මෙවන් සම්මුති නොදන්නා සහෘදයෙකු මේ වෙත එළඹ කිසිවක් ම නොදකින්නට ඉඩ ඇත. ඔහුගේ කවි අංශු - තරංගයක් මෙන් ප්‍රබන්ධ - යථාර්ථයක් ඇති කරන්නේ මෙවන් පසුබිමක ය. ඕලාරික ආත්ම කථන වලට වඩා, ඒවා ශෘංගාරාත්මක භාෂාවක් නිර්මාණය කරන්නට සමත්කම් දක්වන්නේ ය.
මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, සිහින කල්පිත සාහිත්‍යය, රස්තියාදුකාර කව්‍යාගමනෙහි අත්දැකීම් සමග ඔහුගේ නිමැවුම් සිනමාත්මක ආරූඪයක් වූයේ ය.ඔහු විසින් දොඩමළු වන සර්ධා හා ප්‍රඥා - මාර්ගික සාහිත්‍යය, නවීනත්වය විසින් ඇද දමන ලද ක්ෂණ බංකුර පැවැත්මකින් යුතු අත්දැකීම් මනෝවිශ්ලේෂණීය සමාජ ප්‍රපංචයකට නැඹුරු කරයි. ඔහු මුල, මැද, අග සහිත කතා පුවතක් සේම සහෘදයාට දැකිය නොහැකි ය.එවිට ඔහු, පුස්කොළ පොතක තිබූ මන්තරයක්, විද්‍යාවක්, තේරවිල්ලක්, ඉතිහාස ධාතුවේ හරය ඉල්පුණු නූතන නැණසක්, වචන වල එකට ඔතා දමා ගසයි.නූතනත්වයේ පසු අවධීන් වන විට, මේ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය විපරියාසය හදුනාගනිමින් සහ බහු විධ ආසංකල්පිතයන් යන දෘෂ්ටිවාදයන් හර කොට ගනිමින් කෙරෙන නිර්මාණාත්මක සාහිත්‍ය වෑයම දෘෂ්‍යමාන නම් වෙයි. කේ.කේ සමන් කුමාරයන් ද, සිය නිර්මාණාත්මක වෙහෙස ස්ථානගත කරන්නේ ද  
ඒ වූ දහරාව තුළ ය.
ටෙනිසුන්ගේ ' සක්වළ දඩයම ' තුළින් රමණයෙහි යෙදෙන්නට සිදු වූ සහෘදයාට ඒ රමණයම, ක්ලේෂ බා ගනිමින් කමටහන් කොට ගත් ස්ත්‍රිය කේ.කේ සමන් කුමාර බුදු කරවන ලද පුවත කියවන්නන් අතර වඩාත් ප්‍රචලිත වූයේ ය. ඔහු පුරුෂෝත්තමවාදයට එරෙහි වූවත්, සාම්ප්‍රදායික අර්ථයෙන් හෝ රැඩිකල්මය අර්ථයකින් හෝ ස්ත්‍රීවාදියෙක් නොවන වග ' නේරංජනේ ඉස්නානේ ' හරහා අවබෝධ වෙයි. අප පරම්පරායෙහි ද කඩයිම් ලකුණු කොට, බෙදුම් සීමාව සුනුවිසුණු වන විට, නේරංජනාවේ දියරැළි මත උඩුකුරුව පිහිනන නාරි බුදු රුව දේශනා කරන ධර්මය සර්පයා වටා තවමත් දරන ගසමින් මන්ත්‍ර සේ ඇසෙන්නේ නොවෙද ? අතහැරීමක් සහිත අවබෝධය කුමක්ද ? එය වටහා දිය හැක්කේ නේරංජනේ ඉස්නානයෙන් බවත්, ඉස්නාන බෞතිස්මයෙන් පසුව ලාංකේය බ්‍රාහ්මණ ථෙරවාදී ගල් දොරගුළු දෙපළු වූ බව ද කිව යුතු ය. දෙපළු දොරෙන් එළි බහින්නේ ප්‍රඥා මාර්ගික සාර සංග්‍රහ 
වස්තූන් ය.

"මී විතක් තරම් වූ පුරිස් ලිගුද, පුෂ්ප කීලයක සිදුරු තරම් ඉතිරි ලිගුද වන ඇතැම් ගඳඹුන් රති සැප ලොබ කල්හි මල් හා මී මැස්සන් බවට පත්වෙයි. කුරුළු තුඩු සේ දෙලිගු පිහිටියෝ කුරුලු වෙති. ඇතැමුන් මත්ස්‍යව සමාන්තරව පිහිනා යමින් සරීර පහසින් කාම පාශයෙහි ගැලෙත්. ඇතැම්හු මදාරා පරසතු මල් ගෙන මිනිස්ව සිටියෙහි නම් ලිංග පිහිටිය යුතුව තිබූ තැන්හි ඒවා සිර කර ගනිති. ඉන් ඒ පිරිබඩ ගනිති."
( නේරංජනේ ඉස්නානේ  - 238 පිට )

ඔහුගේ ' අර්ධ නාරී ' පුස්තකය කතා මැද කතා  ය. අරාබි නිසොල්ලන්තය හා පංච තන්ත්‍රය බඳු ය. අති - නූතන ශක්‍යතා ලෙස විවරණය කරන්නට සිය පරිකථා, එකක් හතරැස් කොටුවක, අනෙක පිටුවෙහි උඩ අර්ධයේ, තවත් කතාවක් යට අර්ධයේ, අළු - කළු පැහැති පිටු තුළ ය. මුද්‍රිත අගුරු අකුරෙනි.කිරිගරුඩ තිරිවානා සුදු අකුරෙනි. මංජුල වෙඩිවර්ධනයන්ගේ ආදරණීය යක්ෂනී ද එහෙම ය. නමුත් එක කතාවක් කියවා අනෙක් කතාවට පා තබන්නේ නම්, පිටු අංක නොසළකා 
හැරීමට හැකිය.
කේ.කේ. පෘෂ්ඨීය වියමන සෑදීම සදහා වෙහෙස වන්නෙක් ලෙස පෙනේ. එය තිලකසේනගේ මුල්කාලීන කථාංගයන්ට හිත්‍යශීවන්ත ය. අල්ප පාඨකයා වුව පෘථුල අවකාශයක නව භූමි තනන්නට එය පාදක වන්නේ ය. ඇතැම් විට එය ඔහුගේ මනෝභාවයෙන් විස්තරාර්ථව දක්වන ඉතා කුඩා ලක්ෂ්‍යයක් විය හැකිය. නමුත්, කේ.කේ නම් නව භූමි සම්පාදක මිනිසා පිළිබදව අන්වීක්ෂ වුවහොත් එය අතිශයින් ම දේශපාලනික එළැඹුමක් වන්නේ ය. මන්දයත් ඔහුගේ භාෂා ව්‍යවහාරයට විරෝධාකල්පික එළැඹුමකින් ඔහු පිවිසීම ය. ඒ වූ අන්තර් දෘෂ්ඨිය යනූ තර්ක බූද්ධියේ සීමා අතික්‍රමණය වන ලෙස කලාව භාවිතා කිරීමක් ලෙස කිව හැකිය. ඔහුගේ භාෂා උගුල් මනාව වැටහෙන ' ආසාත්මිකතාව ' නම් කෘතිය තුල වන ' පොත් පිල්ලුව ' නම් කථාංගය උපහැරණ දනවයි. ව්‍යවහාරික භාෂාවෙහි කෙට්ටු සීමා මායිම් බිද දමමින් මායා යථාර්ථවාදී පෘථූල අවකාශයක දිගේලි වන ආකාරය 
අපූරු ය.

කේ.කේ සමන් කුමාර, සාහිත්‍ය භාවිතාව තුළ සාංදෘෂ්ටිකවාදය, අධි යථාර්ථවාදය, මායා යථාර්ථවාදය, ඉපැරැණි ජන සාහිත්‍යය, මිත්‍යා ප්‍රබන්ධ සහ සංකලිත දෘඩ සාහිත්‍යයික ඉව ඇල්ලූ ප්‍රථමයා වන්නේ ය. ලැසි පිමි සහිත, බහුශ්‍රැත ගතිකයන් වන ඔහුගේ ලියවිලි සරච්චන්ද්‍රමය මිමි වලින් මැන බලන්නට නොහැකි ය. ඒ සදහා සමන් වික්‍රමආච්චි විචාරයෙන්, එහෙමත් නැතිනම් මෑත සාහිත්‍ය විචාරකයෙක් වන අනුසර වීරසිංහ වැනි යොවුන් ඇසකින් දැකීම ඔහුව සමාජ නාමකරණයක් නොවී, සමාජ පථිතයක් සේ දැකීමට උදව් වන්නේ ය. මන්දයත්, ඔහුගේ කෘති ධනවාදයට වඩ වඩා උත්තරාරෝපිත වන විට බිහිවන මානව චලනයන් තම කථාංග තුළ ම සිටින කතා නායකයින් හරහා විදහා දැක්වීම ය. මෙය එක් අතකින් ඇරිස්ටියානු ආඛ්‍යානයකට සමාන කම් දක්වන්නේ ය.වීරයා අවසානයේ ප්‍රති වීරයෙකු වීම, විජයග්‍රහණීය පරාජයන් ඉසිලීම, චරිත නාමකරණයන් අහිමි වීම ආදී විරුද්ධාභාෂිත විධික්‍රම ඒවාට උපහැරණ සපයන්නේ ය. සයිමනුන්ගේ ' ස්වර්ණ වන්නියේ වන්නි අම්මලා ' කෘතියෙහි ගාඬි රැහේ ඇත්තන් ඔසවා ගෙන යන ත්‍රිකෝණාකාර කුවෙීණි ගලේ සිට මායාකාර මරිචියක කොනක් ද, සර්පයාගේ පදාර්ථ සහ ආත්මය ද තිලකසේනයන් නම් නූතනවාදී ත්‍රිත්වය ද, මේ වූ ත්‍රිකෝණාකාර එක්ස් කිරණට මුහුන් වීම කෙතරම් ප්‍රඥා මාර්ගික සාහිත්‍යය සතුටක්ද ?

ගණිතයේ එන අර්ථ විරහිත අගයකට එක්ස් යන්න දමා ගත්, එක්ස් කණ්ඩායම යනු 1997 සිට 2004 දක්වා කාලය තුළ ලංකාවෙී පැවති මතවාදී කණ්ඩායමකි. සමාජ විචාරය සහ සංස්කෘතික දේශපාලනය කෙරෙහි අතිශය බලපෑමක් කළ එය ' පශ්චාත් නූතනත්වය ' පිළිබද කතිකාව මෙරටට හදුන්වා දීමේ පුරෝගාමී මූලය වූයේ ය. එය ගෝලීය ලිංගිකත්වය පිළිබඳ එතෙක් පැවති ගුප්තමය ස්වභාවය ප්‍රශ්න කරන ලදී. මිනිස් ලිංගිකත්වය ' සතුට ' යන නිෂ්ඨාව දෙසට ගමන් කරයි. එහි අබග්ගය නම් මේ වූ සතුට නම් නිෂ්ඨාව තුළම අපට දුක හා වේදනාව සම්මුඛ වීම ය.
මානව සමාජයෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ x කණ්ඩායම වනාහි sexs කණ්ඩායමක් බවට කියා සිටිමිනි. ලංකාවෙී ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යකරුවන් එය තහවුරු කළේ ය. ආචාර්ය නලින් ස්වාරිස් වැනි විද්වතුන්, x ගැන හිස්ටීරියාවෙන් පෙලෙන්නන් හා 'මෙගොලෝමේමේනියාව ' නමැති මානසික විකෘතිතාවයකින් පෙළෙන්නන් බව කියා සිට්යි. 2004 වර්ෂයේදී x කණ්ඩායම ඛණ්ඩනය වූ මොහොතේදී එහි වූ එක් කණ්ඩායමක් නායකත්වයට චෝදනා කරන ලද්දේ x යනු ලිංගික නිදහස මර්දනය කරන තැනක් බවත්, ඒ අවකාශය පැරිසියේ පැවති පූර්ව - විප්ලවීය සිරගෙයක් වූ බැස්ටීලයට සමක බව ය. ඩෙරීඩා, ලැකාන්, ෆුකෝ, වැනි චින්තකයින්ගේ මතවාද සහ සංකල්ප සමාජගත කිරීමේ දීත් දේශපාලනික විචාරය පිණිස යොදා ගැනීමේ සම්ප්‍රදායක් මෙරටට හදුන්වා දීමේත් තීරණාත්මක කාර්ය භාර්යයක් ඔවුන් විසින් ඉටුවින. ඔවුන් විසින් පලකල ලන්ඩන්, යාත්‍රා, මාතොට, වැනි සගරා විසින් මෙී සිදුකෙරිණි. දීප්ති කුමාර ගුණරත්න, රොහාන් පෙරේරා, කේ.කේ සමන් කුමාර, නිර්මාල් රංජිත් දේවසිරි, සුමිත් චාමින්ද, වැනි අය මෙහි ප්‍රමුඛ සාමාජිකයෝ වූහ. පසුව ඇතිවූ අභ්‍යන්තර මතභේද මත 2004 දෙසැම්බර් මස 24 දින එය ඛණ්ඩය විය .2004 සංසිද්ධියේදී මතුවූ කාරණය පූර්ණ නිදහස් ලිංගිකත්වයක් ඒ තුළ නොවූ බව ය.
80 දශකයේ මුල කේ.කේට ස්ත්‍රීත්වය පිළිබඳව යම් අදහසක් වූයේ යැයි මා සිතමි. එය විඥානයේ උත්කර්ෂවත් වස්තුවක් වූයේ ය. ඩෙස්මන්ඩ් මොරිස්ට මෙන් මනෝවිද්‍යාත්මකව සහ සත්ව විද්‍යාත්මකව ද අදහසක් තිබුණේ ය. මිනිසෙකු ස්ත්‍රියක් වනවා ද යන්න තීරණය වන්නේ ශරීරයෙන් නොව විඥානයෙන් බව එයින් අදහස් කරයි. අරවින්ද හෙට්ටිආරච්චි සමග ඔහු පරිවර්තනය කළ ලොලිටා කෘතිය හරහා ඔහු යළිත් ස්ත්‍රී දනව්වක පියාසර කරයි. එහෙත් ඔහුට කෘතිය පරිවර්තනය කිරීමෙන් සිදුවන ආශක්ත රියැලිටිය තුළ ස්ත්‍රිය හමුවනවා වෙනුවට තමන්ගේ ම නිවුන් අර්ධයක් බාහිරින් මුණ ගැසෙයි. ලොලිටාව හරහා සරුප හැව පැටලෙමින් ආත්මය සමග ව්‍යුත්පන්න නොවන්නේ ඔහුගේ ම ස්වයං - අනන්‍යතාවය හේතුවෙනි. එනම්, සර්පයා තමාගේ කොරපොත්තක සිට තමාටම තමා වස්තුවක් ලෙස හමුවීමයි.
ඔීෂෝගේ සකල දර්ශනය තුළ පවතින සාර සංග්‍රහය ප්‍රේමයේ විඥානය නම් හරය වෙතට විවර කර දුන් ජනේරුව අබියසින් ගලා යන ගංගාවෙහි වාත්ස්‍යායන්ගේ කාමසූත්‍රය නම් පිහිනා යන පුරිස මාළුන්ට අතවනන්නේ ය.කපුගේට මෙන්, ඔහු වෙනුවෙන් ද ඒ මාළුන් සිංදු කියන්නේ ය. අත වනන්නේ ය. විරාගයකට යන පුරවරයක පදිකාවේ ලෑල්ලක් දමා, ඔහු ඒ මාළුන් කොරපොතු ගසන්නේ ය. එතැන් සිට ඔහුගේ ජීවිතය ' ජීවිතය හා මරණය පිළිබඳ තිබ්බතිය මළපොතෙහි ' පිටු සමග යෙහෙන් ගැලපෙන්නේ ය. ඉදහිට ඔහුගේ කෘතියක කෆ්කා, කැමූ, ඩොස්ටයොව්ස්කි, සයිමන්, තිලකසේන වැනි මිනිස් වස්තූන් ප්‍රාතුර්භූත වෙයි. ඔහුගේ කෙටිකතාවක පවා දක්වන පෘෂ්ඨීය වියමන, කතා වින්‍යාසය සමග යහමින් බද්ධ වෙයි. ඔහුගේ සාහිත්‍ය ශානරය අයත් වන්නේ ප්‍රංශ සදාචාරවාදීන් වන පස්කාල්, රොචර්ෆුකෝ, මොන්ටේන් වැනි සාහිත්‍යධරයන්ට ය. එහෙත්, දෘෂ්‍යමානයට අනුව ලෝරන්ස්, සයිමන්, කේ.කේ සමන් කුමාර අතර අඛණ්ඩතාවයක් දකිනු ඇත. එය සාහිත්‍ය තාක්ෂණික උපතක් ලෙස සළකුණු කරයි.එහෙත්, අජිත්ට, ටෙනිසන්ට, තිබූ රතු - දුඹුරු සරු පොළොව සර්පයා බඩගා යා යුතු බැවින්, ඒ මාවත් කිසිවක ඉලුක් හා සමනල් ගහණ මල් පදුරු වැවී තිබුණේ නැත. කුඹුරු කෙටීම ගොවිතැන හෝ වෙනත් රුකියාවක් කිරීමට තමන් නොදන්නා බවත් තමන් යහමින් දන්නා එකම කටයුත්ත නිර්මාණකරණය බවත් කේ.කේ සමන් කුමාර පවසයි. පශ්චාත් නූතන යුගයේ සබුද්ධික නිර්මාණ බිහිවීම අරුමයක් නොවන නමුත් ඒ සදහා ගෝචර විචාර කලාවක්ද බිහිවීම අනිවාර්යයෙන් ම සිදු විය යුත්තක් බවත්, ඔහුගේ සාහිත්‍ය කෘති වෙනුවෙන් ඒ බරපතළ විචාරය අවශ්‍ය බවත් මා  විශ්වාස කරමි. මන්දයත්, සර්ප ලියවිලි කියැවීම හා ජීර්ණය වීම යනු නියගලා අල භක්ෂණය කළා මෙන් වැඩක් බව විචාරකයා නොදන්නා නොවෙී. ඔහුගේ ඇතැම් කෘති කියමින් යන දෙය එකතැනම බැරියර දමා, වෙනත් අන්තරයක හැගුම් පොලා දමයි. ඇතැම් විට ඒවා භාෂාමය සංගතභාවයක් ද නොමැති වදන් හා පරිච්ඡේදමය කැබැලිති ය. ඉදින් කේ.කේ යනු පශ්චාත් යථාර්ථවාදී මොඩලයකින් ලියන යථාර්ථවාදියෙකි. නුතනවාදී, ධාරණවාදී බණ කතා කියන්නෙකි. ගිරාපෝතකවාදී නොවන ප්‍රබන්ධ කතාවක් භාෂාව නම් උයනේ සැරිසරන මායාවාදී උයන්පල්ලෙකි. 
 
" මා ඇහුවා සයිමන්ගෙන්
අජිත් ලියූ දේවල් ගැන 
අජිත්ගෙනුත් මං ඇහුවා 
සසර අරණ අසබඩ ගැන "
( එරික් ඉලයප්ආරච්ච් _ කේ. කේ. ) 

වත්මනෙහි මහායාන, ථෙරවාද, සෙන් බුදු දහම සහ වජ්‍රයාන යන සිව් ගුරුකුලයන්ගෙන් බුදු දහම සමන්විත ය. ඉන්, ථෙරවාදය සහ මහායාන සම්ප්‍රදාය අනුගමනය කරන තාක්ෂණය ක්‍රම භාවිතාව වෙනස් වන්නේ ය. මහායානය සාහිත්‍ය වනපොත් කිරීමට සුදුසු භාවිතාවක් බව තීන්දු වූයේ ය. මහායාන යතිවරුන් විමුක්තිය ලැබුයේ සූත්‍ර ග්‍රන්ථ වනපොත් කරමින් සම්බෝධිය, බුද්ධත්වය ලගා කර ගැනීමට ආයු කාලය මෙනෙහි කරන්නේ ය. එහෙත්, ඒ භක්ති මාර්ගයක හරස්කඩක් ලෙස මිසක්, ඥානාවලෝකනීය දහමක් හැටියට නොවේ. සාහිත්‍ය හරහා ඇතුල් මනසට පිවිසීම, යෝගාභ්‍යාස, මන්ත්‍ර, මණ්ඩල සහ මුද්‍රා පුහුණුවෙන්, සෙන් සම්ප්‍රදායේ මෙන් ම වජ්‍රයාන සම්ප්‍රදායේ ද ප්‍රකට කරුණකි. සෙන් සම්ප්‍රදාය චිරාත් කාලයක් ඇසුරු කළ සාහිත්‍ය සම්ප්‍රදායක්ද, වජ්‍රයාන සම්ප්‍රදාය ඇතුල් මනස හෙලි කිරීමට පටන් ගනී.එහි රූපකාර්ථ ලිංගික සංඛෙීත බහුල ය. බෙෘද්ධ සම්ප්‍රදායන්හි අප මේවා දකින්නේ වජ්‍රයානික මුද්‍රා තුළ වුවත්, වජ්‍රයාන හා එහි තාන්ත්‍රික ප්‍රතිපත්ති හටගත් අවධිය පිළිබඳව විවිධ මත තිබෙී. ටිබෙට් ජනප්‍රවාද වලට අනුව ශාක්‍යමුනි බුදුන් තන්ත්‍ර දේශනා කළ ද, ඒවා රාස්‍යය ඉගැන්වීම් නිසා ඒවා ලියා තැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනා වලට බොහෝ කලකට පසුව බව ය. එහෙත්, මේ ලිංගික සංකේත ඇසුරින් නිපන් සරු සාහිත්‍යයක් ද තිබ්බතය සතු ව ඇත. වජ්‍රයානයේ ආශාවෙී ශක්තිය ඥානාවලෝකනය ලබා ගැනීමෙී මාර්ගයක් ලෙස එය උපත ලබයි. මහිලාවංශය වැනි කෘතියක් මේ අර්ථයෙන් ගතහොත්, වජ්‍රයාන සම්ප්‍රදායට ඇගෑළුම් පාන්නකි. එය, රූපකාර්ථ, ලිංගිකමය සංඛේතයන් ඔස්සේ අධ්‍යාත්මික ප්‍රවෙීශයකට භාජනය වෙයි. 

" සියලු ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙළෙස් කියා හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත. " 
( ලංකාවතර සූත්‍රය ) 

තන්ත්‍රවල ලිංගිකත්වය ප්‍රමුඛ කිරීමක් නොමැත. ලිංගිකත්වය මාර්ගයක් ලෙස මිස, අවසානයක් විදිහට සළකන්නේ නැත.තන්ත්‍ර යනු ඇත්තෙන් ම ඉසොටරික පුහුණුවකි. පොඩි පිරිසක් අතර රාස්‍ය සම්බන්ධතාවයක් නඩත්තු කරන සම්ප්‍රදායකි. එය කේ.කේගේ කෘති මෙන් බහුතරයකට ගැළපෙන පුහුණුවක් නොවන්නේ ය. සැබැවින් ම තන්ත්‍ර ඇතිවුණා යැයි කියැවෙන්නේ ශිවා විසින් පාර්වතීට ලබාගෙන පුහුණව මූලය තුලින් බව පතපොතෙහි කියැවෙයි. පාර්වතී, ශිවගෙන් ප්‍රශ්න ඇසුවාට, ඒ කිසිදු ප්‍රශ්නයකට ශිව පිළිතුරු නොදී සිටිමින්, හෑම ප්‍රශ්නයකටම පිළිතුරු සොයා ගැනීමට පුහුණුවක් ලබා දෙයි. මේ වූ පුහුණු 212 ක් එකතු වී විඥාන භෛරව තන්ත්‍රයන් නිර්මාණය වූයේ ය. බුදුන්ගේ දුෂ්කර ක්‍රියාව පවා ගැනෙන්නේ තාන්ත්‍රික පුහුණුවක් විදිහට ය.කවර බෙෘද්ධ සම්ප්‍රදායක වුවද, මුල් වන්නේ මනස ය. වජ්‍රයාන ලිංගික නිමැවුම් සහ ඊට සමාන්තරව සබැඳි සාහිත්‍යය යොමු වන්නේ පුද්ගල මනස සමග කරන ද්වන්දාත්මක දයලෙක්තිකව ය.
තන්ත්‍රවලදී සුරාන්තය සමග හැම්මිය හැකි විවිධ අධ්‍යත්මික තලයන් ගැන ගැඹුරු අදහස් කතා කරන්නේ ය. සුඛයේ ගැඹුරේදී සංස්පර්ශ වූ රහස් තාක්ෂණයන් ගැන කතා කරන්නේ ය. තන්ත්‍ර යනු විවිධ සම්ප්‍රදායන්ගෙන් පෝෂණය වූ එකකි. තන්ත්‍රය තනි ගොඩනැංවීමක් නොවන්නේ ය. කේ.කේගේ සාහිත්‍ය ප්‍රවෙීශ වල සයිමන්, අජිත්, ලකුණු තබන්නේ ද ඒ හේතුවෙනි. කාම සූත්‍රය ලියූ වාත්ස්‍යායන්ගේ සිට ඩෙස්මන්ඩ් මොරිස් මනුෂ්‍ය ලිංගිකත්වය වානර ලිංගිකත්වය සමග තුල්‍යව ගෙන විෂ්ලේෂණය කරන්නේ ය. 'සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා' අවසන් වන්නේ මහා රාවණා අරඹයා දෙසූ ' ප්‍රඥා පාරමිතා සූත්‍රය ' හා ශුන්‍යත්වය පිළිබඳ සදහන් කරමිනි. එහෙත්,  මහිලාවංශය වැනි කෘති, මෛථුන්‍යය තොරොම්බල් කරන්නේ එය සැබවින් ම පවතින දෙයක් සේ වරදවා ගනිමින් යැයි විචාරකයන් පවසයි.

" තන්ත්‍ර කියන්නේ සියල්ලම උරා ගත යුතුයි කියලා. සියල්ලම ! මතක තබා ගන්න, කිසිම නියමයක් නැතිව, ලිංගිකත්වය උරා ගත යුතුයි. එවිට එය ඔබ තුළ විශාල බලයක් වෙනවා. බුදු කෙනෙක්, තිලෝපා කෙනෙක්, ජේසු කෙනෙක්, ඔවුන් වටා අති විශාල ආකර්ශණ බලයක් පවතිනවා, ඒ මොකද ? ලිංගිකත්වය උරාගෙන. ලිංගිකත්වය මානව ආකර්ශණයයි."

( ඔීෂෝ_ නේරංජනේ ඉස්නානෙ - කේ. කේ සමන් කුමාර ) 

වජ්‍රයෝගියා පුද්ගල ආත්මයකි. ඔහු පවතින්නේ ද, ආශ්වාස කරන්නේ ද, ස්වකීය අධ්‍යාත්මයට ය. සාහිත්‍යකරුවා ද එසේ ම ය. ශාරීරික ශක්තිය ප්‍රඥාවක් බවට හරවා ගනිමින්, ලිංගිකත්වය කෙරෙහි සෘජුව මුහුණ දී, එය අවබෝධ කර ගන්නෙකි. අජිත් තිලකසේනයන්ගේ ' සුන්නද්දූලි ' කෙටිකතාව තුළ ද, ඊනියා බෙෘද්ධ සදාචාරවාදය මනෝලිංගික දුබලතාවයක් කෙරේ බලපාන ආකාරය නිරූපණය කෙරෙයි. සේකරයන්ගේ ' නොමියෙමි '  සහ ' ප්‍රබුද්ධ 'කාව්‍යයන්හි මහායාන දර්ශනය ඉස්මතු කරයි. කේ.කේ සමන් කුමාරගේ සර්ප සාහිත්‍ය වංශයම, ලිංගික කාරණා පමණක් ම මත යැපෙන්නක්ද ? ඔහුගේ ලිවීම් වල කේන්ද්‍රීය තේමාව ලිංගිකත්වය ඉක්මවා මත පදනම් වූවක්ද ? මෙයින් අදහස් වන්නේ මේ සියලු දෙනාගේ සාරාත්මකය පවතින්නේ ලිංගිකත්වය තුල බව ද ? විවිධ ආකෘති පැවතියත් කේ.කේ සමන් කුමාර වැනි සාහිත්‍යකරුවන්, 'ලිංගික ක්‍රියා ' ප්‍රාසාංගිකකරණය කරන අතර අධිපති ලිංගික සංස්කෘතිය ප්‍රශ්න කරන්නට පෙළබීම 
සාධනීය තත්වයක් නොවන්නේ ද ?

"අපේ අතෘප්තිය නිසා මතුවෙන සාමාන්‍ය ආශාවන්ගේ ශක්තියම තන්ත්‍ර මගින් සමාධියේ සහ ප්‍රඥාවේ අත්දැකීමක් බවට පෙරලනවා. මේ සමාධිය සහ ප්‍රඥාව තුලින් මෝහය දුරලා යථාර්ථය විනිවිද දකින්න පුළුවන් වෙනවා."

( ලාමා යේෂේ _ වෙසක් පොහොය නිමිත්තෙන් - තන්ත්‍ර - Faculty of sex ) 

සූරිය සිහබාහු 📝
2022 දෙසැම්බරය