Thursday, August 19, 2021

පොතක් ගැන කතාවක් - නේරංජනේ ස්නානය kK Saman Kumara ( සර්පයා ) by Nadi wasalamudaliarachchi





https://www.youtube.com/watch?v=av423OHYohM&ab_channel=%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A

අර්ධනාරි කතිකාව kK Saman Kumara ( සර්පයා ) by Nadi wasalamudaliarachchi




https://www.youtube.com/watch?v=xrw2GNxMNaE&ab_channel=%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A

Saturday, July 24, 2021



Literary this can be directly translated into half woman. A book written by K K Saman Kumara. He has presented this book as an unusual erotic novel of four characters. A Cassanova who loved a transgender woman, a Buddhist monk who loved a lesbian.
He has dedicated the book to Bhoomi Harendran, a transgender woman in Sri Lanka who is an activist fighting for the rights of the transgender community in Sri Lanka. I do not know her personally, but I know that she is from my school. Maybe one day I will be able to meet her in person. Coincidentally, when I was reading the book there was a video released by one famous video producer Iraj Weerarathna. He was interviewing Bhoomi. Once Iraj asked Bhoomi, how can you call yourself a woman, you can’t even be pregnant? Bhoomi answered, can all women be pregnant? What about the infertile ones?
This clearly shows the level of knowledge and understanding these so-called video producers have on these issues and humans. How many of you really knows who a transgender is?
A transgender is simply a person who have a different psychological gender to that of the physical gender. For example, a person who thinks and feels like a woman but having a body of a man or vice versa. The plight of them is so sad as they simply detest the physical body they have. They take medicines, do surgeries just to get the physical appearance that they desire and feel comfortable with. This needs money and, they must undergo such pain. Even after they undergo the changes, the society still sees them differently. Society do not accept then fully in their new gender though they have a legal identity as a male or a female.
The story clearly depicts the plight of such a woman. For the very reason, she doesn’t want to get involved with any man who wants to know about her past. True enough. What is there is a past? Some people are ready to forget the mistakes of the past? But will you forget that someone was of a different gender before? Umayangana was someone like that. She is woman at present. She wants to leave the past behind. She is a talented presenter. Her looks even attracts the lesbian producer. But will her past gender hinders her future happiness?
Can we have a control of the person we fall in love with? Can we control of the person for whom we have lustful feelings? A Buddhist monk, being lustful towards a lesbian that he made opened a tv channel, make others threw stones at her, use every opportunity to sneak into her apartment to get his hidden desires satisfied.
It is interesting to see how as humans we fall at the foothills of another human because of love and lust. That need to have and consume another human is so strong that we are ready to do whatever possible putting us even in grave danger possibly destroying both our and their lives.
The book talks of sex, sexuality, lust, desire, humanity, social interactions, society basically wide range of subjects. The author uses colloquial language even using filth to express the ideas that he wants to convey. The author questions what is to be human? We can have many labels, many stereotypes which forcefully put us into a different framework. Anything beyond the frame becomes unacceptable and deviations. We do not understand that these deviations are often not because of a fault in them. As Bhoomi mentions “it’s a mistake of the god during creation”.
If we are to be more humane, more empathetic, more understanding, we need to kill those stereotypes that define us. These very stereotypes and frames would trigger us to be violent as we feel insecure, scared of others who are not like us.
It was a hard book to read and understand because of the unfamiliar Sinhala vocabulary the writer has used. He has dedicated the book to Bhoomi. I recommend all of you to get hold of the book and read it. You will understand how complex life can become. There are these types of people who are deprived even of the basic human rights. The issues they face are beyond our understanding. So at least put some effort to understand them. Put yourselves in their shoes.
I guess that’s the whole point of works of literature.


අර්ධ නාරි



අංගනාවලට පස්සෙ කියවන්න ගත්ත පොත. පොතේ නමෙන්ම මේක මොකක් ගැනද කියලා දල අදහසක් ගන්න පුළුවන්. බාගෙට ගැහැනියක්. එහෙනම් අනික් බාගෙ පිරිමියෙක් වෙන්න ඕනෙනෙ. එහෙම මිනිස්සු ඉන්නවද? මේකර සමහරුනම් හරියට උත්තරයක් දන්නෙ නැතුව ඇති, මොකද අපේ මිනිස්සු ගොඩක් දන්නෙ අනික් අයගෙ කුණු අවුස්සනනේ. මේවගෙ මිනිසුන් ජිව විද්යාත්මකව ඇතිවෙනවා කියලා ඉගෙනගන්න වෙලාව නා අපිට.
මේක කියවනකොට මට බලන්න ලැබුනා ඉරාජ්ගෙ YOUtube video එකක් භූමි හරේන්ද්‍රන් එක්ක කරපු. එයා කොහොමද මේකට සම්බන්ධ. කාරණා දෙකක් නිසා. එකක් තමයි පොත ලියපු කේ කේ සමන් කුමාර පොත පිදීම කරල තියෙන්නෙ භූමිට. දෙවනි එක තමයි. පොතේ තියෙන්නෙ භූමිවගේ මනුස්සයෙකුගෙ කතාවක්.
පොත ටිකක් අමුතුයි. මේක එක අතකින් ශෘංගාත්මක කතාවක්. අපි කියන සාමාන්ය භාෂාවෙන් කියනවනම් තිත්ත ලිංගික කුණුහරුප තියනවා. ප්‍රධාන චරිත හතරයි. සංක්‍රාන්තික ලිංගිකාවියක්,ඇයට පෙම්බැදුනු සල්ලාලයෙක්, සමලිංගික කාන්තාවක්, ඇයට පෙම්බැදුනු හිමිනමක්. මේ කට්ටියගෙ ලිංගික හුටපටයන් ගැන තමයි කතාවෙ තියෙන්නෙ.
කවුද මේ සංක්‍රාන්තික ලිංගිකාවියක් කියන්නෙ. සරලව කිව්වොත් පුරුෂ ශරීරයක් තියෙන ඒත් ස්ත්‍රියක් විදියට මනසක් තියෙන පුද්ගලයෙක්. ගොඩක් අයට මේක ඉතින් මැජික් වගේ ඇති මොකද ගොඩක් අය එහම අය ආමන්ත්‍රණය කරන්නෙ පොන්නයන් කියලනෙ. එහෙම මිනිස්සුත් ඉන්නව මේ ලෝකෙ. භූමි කිව්ව වගේ දෙවියන්ට මවනකොට වැරදිල.
කතාව මොකක්ද කියල මන් මෙතන කියන්න යන්නෙ නෑ. කුතුහලයක් තියෙන කෙනෙක් කියවලා බලන්න. මන් වැඩිය සිංහල පොත් කියවන්නෙ නෑ. ඒ නිසා මේකෙ තියෙන සමහර වචන තේරුම්ගන්න මට දමිත් අය්යගෙන් උදව් ගන්න උනා. අහල තිබ්බ්බට පොත කියෙව්වම වැටහුනා ගොඩක් සංක්‍රාන්තික කෙනෙක් තමන්ට ගැලපෙන භෞතික ශරීරයක් ලබාගන්න කොච්චර දුකක් විදිනවද කියල. එහෙම වෙනස් උනායින් පස්සෙත් සමාජ එයා ඩකින්නෙ කොඉ විදියටද කියන එක ගැන එතනින් එහාට මොකක්ද ජීවිතයට වෙන්නෙ කියන එක ගැන අපි හිතනවට වඩා ගොඩක් සංකීර්නයි ඒ මිනිස්සුන්ට. ඉරාජ් වීඩියො එකේ භූමිගෙන් අහනව ඔය කන්තාවක් කියන්නෙ කොහොමද. ඔයාට ළමයි හදන්න බෑනෙ කියලා. භූමි එකට පිළිතුරු දෙන්නෙ මෙහෙමයි. හැම කාන්තාවකටම ළමයි හදන්න පුළුවන්ද? වදකාන්තාවොත් ඉන්නෙ.
මම භූමිව පෞද්ගලිකව දන්නෙ නෑ. ඒත් එය අපේ ඉස්කොලෙ කියල දන්නවා. අපි හිතාගෙන් ඉන්න විදියට අපි හරි පිරිමි හරි ගැහනු හරි නෙ. අපිට නොලැබෙන පොඩි පොඩි දේවල්වලට පවා අපි කෑගහනවා, උද්ගෝෂන කරනවා. හිතන්නෙ මේවගෙ මිනිස්සුන්ට යන්න හරි වැසිකිලියක්වත් නෑ. කාන්තාවක් කියල කිව්වට බලන්නෙ පිරිමියෙක් දිහා වගේ.
ඒ මිනිසුන්ට හිරිහැර කිරීම, ලිංගික අඩන්තෙට්ටම් කිරීම සාදාරනය කරනවා. බෞද්ධ ධර්මයේ මූලිකම ඉගැන්වීමක් වන අවිහිංසාව, සමානාත්මතාව බල්ලට දාල වැඩකරනවා. ඒ මිනිසුන්ටත් සමාජයේ ජීවත්වෙන්න, රස්සාවක් කරන්න, ආදරය කරන්න, විවාහ වෙන්න අයිතියක් තියෙනවා. ආදරය මන් දකින විට්දියට ගැහැනියකට හා පිරිමියෙකු අතරෙ විතරක් වෙන්න ඕන දෙයක් නෙමෙයි.
සල්ලාලයා අවසානයේ සංක්‍රාන්තික ලිංගිකාව ඉදිරියේ මෙහෙම කියනවා.
"උමයංගනා මට මගේ ඇතුලෙ ඉන්න පිරිමියා මරාගන්න උදව් කරන්න"
අපි අපිතුල හදාගත්ත ඒකාකෘති නිසා රාමුවලට කොටු වෙලා තියෙන්නෙ. ඒ රාමුවලට හිරවෙලා ඉන්නතාක්කල් එයින් පරිබාහිර ඒවා කොහොමත් වැරදියට තමයි පේන්නෙ. අපගමනයන් තියෙන්න පුළුවන්. ඒව පිලිගන්න විවෘත මනසක් ඇතිකරගන්න. මොකද බොහෝවෙලාවට එහෙම වෙන්නෙ ඒගොල්ලන්ගෙ වැරැද්දකින් නෙමෙන නිසා.
පොත කියවල බලන්න. මටනම් භාෂාව ටිකක් අමාරු උනා ඒකෙ කියල තියෙන දේවල් තේරුම්ගන්න. ඒත් කතාන්දරෙයෙන් ගොඩක් දේවල් අපි හැමෝටම එගෙන ගන්න පුළුවන්




Sunday, June 13, 2021

කේ.කේ. දුටු සේකරගේ නොදුටු පැත්ත



‘සේකර තරම් කතාබහට ලක්වූ පට්ට ගැසූ නූතන කවියෙකු සිංහල කවියේ නැත. එතරම් අනුකරණයට ලක් වූ කවියකුද සිංහල කවියේ නැත’ (සේකරගේ නොදුටු පැත්ත, 11පිට)
මහගමසේකර අග‍්‍රගණ්‍ය ගී පද රචකයෙකු ලෙසින් ද කවියකු වශයෙන්ද මෙරට කලා පෙරළියක් කර අවසානය. සෞන්දර්ය රසෝඝයෙහි භාෂාව ගිල්වීමට සමත් වාග් සමුදායකින් ගී පද රචනා කිරීමත්, සිංහල සාහිත්‍යයට සංයුක්ත කවිය සමීප කිරීමත්, නිසඳැසින් ඔබ්බෙහි සාම්ප‍්‍රදායික කවි මඟ ද සමීපව තබාගනිමින් බුද්ධිමය පාර්ශ්වය ද නතු කළ නිදහස් කවි ආරකට කවිය ගෙනයාමත් ඔහුගෙන් සිදුවූ ප‍්‍රධාන කර්තව්‍යයන් සේ හඟිමු. වත්මනෙහි මුහුණුපොතේ ඔහු නමින් නිර්මාණය වී ඇති පිටු අතර ඒවායින් නැවත නැවත ‘ෂෙයා රැළි’ නිර්මාණය යනු මිස සේකරගේ කෘති අධ්‍යයනයකට නොයේ. සේකරගේ කාව්‍ය සම්බන්ධයෙන් සිදුවන ආධුනික විචාර එකම ලෙසින් ශබ්ද රස, උපමා, අන්තර්පඨිත පඨන ඇසුරෙහිම දිය වෙමින් පවතී.
සේකරගේ නිර්මාණ සම්බන්ධයෙන් ලාංකික පාඨකයා දැනුවත් කිරීමට මුල්කාලීනව විමල් දිසානායක සහ සමකාලීන වියත්හු තැත් දැරූහ. ඔවුනගේ කෘති හා ලිපි ඇසුරින් සේකර එවක විසූ සෙසු කවීන්ගෙන් වෙනස් වීමට හේතු පිළිබඳව මූලික විවරණයක් දැක්වීම සිදුවිය. ‘නව කවි සරණියෙ’හි වර්තමාන සිංහල කවිය පිළිබඳ සමාලෝචනයෙහි දිසානායක ඔහු හඳුන්වාදෙන්නේ නිසඳැස් කවි කලායෙහි ජනප‍්‍රියතාවට හේතු වූ කවියෙකු ලෙසිනි. ජනප‍්‍රියත්වය අදටද පවතින නමුදු එය පවතින්නේ ඔහුගේ පසුබිම නොදන්නා ‘මාර කවියකු’ ලෙසින් වීම ඛේදයකි. සේකර හුදු නිසඳැසින් ඔබ්බෙහි ආකෘති පක්ෂ කෙරේ සවිඥානික වෙමින් තමා සමගම පර්යේෂණ පැවැත්වූ බව සත්‍යයකි. එම විවරණයෙහිම දැක්වෙන මෙම පාඨය ඊට වඩා අර්ථානුකූල වේ යැයි හඟිමි. සේකරගේ ස්වීයත්වය ප‍්‍රකට වන සාධනීය නූතන කවියකු වන රුවන් බන්දුජීවගෙන් පැනෙන ධර්මතාවද මෙයම වේ.
‘මහගමසේකර ටී. එස්.එලියට් විසින් බහු ප‍්‍රචාරයට පත් කරන ලද කාව්‍යෙපක‍්‍රමයක් වහල් කොට ගෙන තිබේ. එනම් පැරණි ලෝකයෙහි සෞන්දර්ය සිහි ගන්වන පද්‍ය රචනා වර්තමාන ලෝකයෙහි රළු පරළු බව විදහා දැක්වීම සඳහා යොදා ගැනීමයි.’ (නව කවි සරණිය)

ආරම්භයේදී සේකර සිය ආස්ථානය තහවුරු කළේ කවියකු වශයෙන් නොව ගී පද රචකයෙකු වශයෙනි. ආරිය රාජකරුණා ‘සිංහල කාව්‍ය සංග‍්‍රහයෙ’හි පවසන්නේ සේකර ප‍්‍රධාන වශයෙන්ම ගී පද රචකයෙකු බවය. එසේ වෙතත් නිසඳැස් ආර තුළ සඳැස භාවිත කරමින් ගුණදාස අමරසේකරගේ සාම්ප‍්‍රදායික කාව්‍ය නිර්මාණ සමීප වූ බව එහි තවදුරටත් දැක්වේ. ‍සේකරගේ නිර්මාණ එකින් එක ගෙන ක‍්‍රමිකව විවරණය කරන අබේසිංහ තත් කාලයට අවැසි පරිද්දෙන් කවියෙන් නිර්මිත වටාපිටාව සහ සාමාජය එක් පසෙකින්ද ඔහු ලද ආභාසය තවත් පසෙකින්ද එහි කාව්‍යාත්මක රස භාව තවත් පසෙකින්ද ලෙසින් විවරණය කර තිබේ. ඒ.එම්.ජී. සිරිමාන්න සේකරගේ නිර්මාණ බටහිර කවීන්ගේ ආභාසය සහිත බව සිය ශාස්ත‍්‍රීය ලිපි මගින් පෙන්වා දුන්නේය. සේකරගේ කාව්‍ය නිර්මාණ සුචරිත ගම්ලත් කොටස් තුනකට බෙදා දක්වයි. මහගමසේකර කලාකරුවකු වශයෙන් සිය අධ්‍යාත්මය ප‍්‍රකාශ කිරීමට උචිත භාෂා මාධ්‍ය කුමක්දැයි දරන ප‍්‍රයත්නය, එම මාධ්‍ය සොයාගත් විගස විවිධ සමාජ ස්තර හරහා කාල්පනිකව ගමන් කර ඒ තුළ පර්යේෂණයේ නියැළීම සහ සිය කලා දිවියේ ලද සියලූ‍ අනුභූතීන්ගේ සාරය සිය දිවියේ අවසාන භාගයේදී ගෙන හැර දැක්වීම යනු ඒවායි. මහගමසේකරගේ කාව්‍ය නිර්මාණවලින් පැනෙන අරුත් සම්බන්ධයෙන් සාධනීය විවරණයක යෙදීමට උත්සාහ ගත් එම පරපුරට අප ගෞරවාදරය පිරිනැමෙන අතරම එය වඩාත් පුළුල් පරාසයක් දක්වා එළා විග‍්‍රහ කිරීමට තැත් කරන රචකයෙකු වෙත මෙතැන් සිට එළඹෙමු.
සේකර සිය නිර්මාණ සඳහා යොදාගත් ජනකවි, සන්දේශ, නවකතා, චිත‍්‍රපටි, බයිබලය, භගවත් ගීතාව ආදි කෘතීන්හි ඇසුර හෝ කාව්‍ය නිර්මාණ විචාරය කිරීමේදී අනුදත් ශබ්ද රසවල ගැඹුරට යාම මඳකට නවතා අර්ථ රසයෙහි විවිධ මාන ඔස්සේ නූතන අර්ථ කැඳවීමට කරන උත්සාහයක් වශයෙන් මෙහිදී කේ.කේ. සමන් කුමාරගේ ‘සේකරගේ නොදුටු පැත්ත’ කෘතිය පළමුව වැදගත් වේ. දෙවනුව 80 දශකයෙන් මෙපිට සියලූ‍ කලා දේශපාලන සමාජ විපරීතතා අත්දකිමින් ඥානයෙන් පරිපාකයට පත් රචකයකුගේ කෘතියක් වීම නිසාත් 1990න් පසු පරපුරට එම නොදුටු පැත්ත පෙන්වන කෘතියක් වීම නිසාත්ය. සමන් කුමාරගේ කෘති සේම වත්මනෙහි සාහිත සංවාදයට හසු නොකර මඟ හැර තිබෙන එරික් ඉලයප්පෙආරච්චි, ආනන්ද වක්කුඹුර, ආරියවංශ රණවීර ආදි වියතුන්ගේ කෘති හා ලිපි ද නැවත සංවාද මණ්ඩපයට කැඳවිය යුතු මොහොතක මීට වසරකට පෙර ප‍්‍රකාශයට පත් වූ මෙම කෘතිය සංවාදයෙන් ගිලිහීම අරුමයක් නොවේ. සමන්ගේ ආස්ථානය වසර ගණනක් පුරා සැකසෙමින් අවුත් වත්මනෙහි රදා සිටින්නේ කවාරාකාර ස්ථානයකද? 80 දශකයේ ආරම්භයේ පටන් සමන් කුමාර අනුදත් කලා දිශානතියත් එහි උච්චාවචනයවීමත් සම්බන්ධව දීප්ති කුමාර ගුණරත්නගේ උපුටනයක් ඇසුරින් දැනුවත් වෙමු.

‘සර්පයාත් ඔහු හා රොහාන් කේන්ද්‍රීය කොළඹ දිස්ත‍්‍රික්කයේ සංවාද කුලකයත් බිහිවන්නේ ලංකාවේ සමසමාජ-කොමියුනිස්ට් ප‍්‍රමුඛ වාමාංශික දේශපාලනය නිදහස් ආර්ථිකය සහ දෙමළ දේශපාලනය 80 දශකය මුල අභියෝගයට ලක් වූ පසුවය. එකල අපට නමක් තැබිය නොහැකි වුවත් මේ වනවිට නමක් දිය හැකි දේශපාලන ප‍්‍රවණතාවක මුල් තැන ගත්තේ සමන් සහ රොහාන්ය. ඔවුන් අනුදත් දේශපාලනය තුළ සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂයට වඩා වැඩි දෙයක් සහ අඩු දෙයක් සමාජයට හඳුන්වා දුනි. සාම්ප‍්‍රදායික පක්ෂයක් නොකළ දෙයක් ඔවුහු පටන් ගත්තෝය. එය නම් ජීවිතය දාර්ශනිකකරණය කිරීමයි.’ (සර්පයකු හා සටන්වැද- පසුවදන)
මාක්ස්වාදියෙකුද කොමියුනිස්ට්කාරයෙකුද වූ ඔහු මනෝ විශ්ලේෂණය හදාරමින් පසුව එම ක්ෂේත‍්‍රයේ වපසරියක් ස්පර්ශ කරමින් සිටී. සමන් කුමාර ඇසුරු කළ විවිධ විෂයක නියැළෙන ඔහුගේ සමකාලීන උගත් පරපුරෙහි ඇසුර ද මීට බලපෑ බව පැහැදිලිය. කෙසේ හෝ වේවා මේ කෘතිය ලියවෙන්නේද ඔහු ගමන්ගත් මාර්ගයේ ඔහුගේ විෂය පථයට ඔබින පරාස ස්පර්ශ කරමිනි. සමන් කුමාරගේ කෘතිය රචනා වන්නේ සේකර මෙන්ම පරිපාකයට පත් අවස්ථාවේදීය. එබැවින් මෙහි එන වදන්වලින් සිඟිති විචාරකයන් හෝන්දුමාන්දු විය හැකිය. සමන් කුමාරගේ කෘතියෙහි චිත්තරූපවාදය, අයින්ස්ටනියානු සමෝධානිකරණය, බ්‍රෙෂ්ට්ගේ දුරස්ථකරණය, ප‍්‍රතිමුඛකරණය, අනාගතවාදය, අභිසංස්කරණවාදය, ප‍්‍රංශ සංකේතවාදය, විඥානධාරා සන්දර්භ රීතිය, පිවිතුරුවාදය, වික්ටෝරියානුවාදය, ජනතාවාදය, පෞරාණිකවාදය ආදි යෙදුම් ගණනාවක් හමුවේ. මේවා කිසිවකත් අප ප‍්‍රාමාණික නොවන බැවින් මේ දක්වන්නේ කෘතිය පිළිබඳ දළ සටහනකි.
සේකරගේ නොදුටු පැත්ත කෘතියෙහි ඇතුළත් වන්නේ මහගමසේකරගේ නිර්මාණ අතරින් තෝරාගත් කාව්‍ය නිර්මාණ හා ගී නිර්මාණය. මුල් කාලීනව ඔහු රචනා කළ ව්‍යංගා සහ සක්වාලිහිණි වැනි සෙසු නිර්මාණවල ඇතැම් පද්‍ය අතහැර මෙහි විමසුමට ලක් කර ඇත. එනමුත් බහුතර විචාරවල නොයෙදෙන පැදි උපුටා ගනිමින් මෙහි විවරණය වෙයි.

මෙම කෘතියේ පැනෙන බහුවිධ මාන කොටස් කිහිපයකට ඛණ්ඩනය කළ හැකිය.


1. සේකරගේ නිර්මාණ සාහිත්‍ය සහ කලා න්‍යායන් ඔස්සේ විග‍්‍රහ කිරීම.
2. මහගමසේකර හා සබැඳි දේශපාලන සංසිද්ධීන්, අනුභූතිය ලද පුද්ගලයන්, පක්ෂ, ක‍්‍රියාකාරකම් සඳහන් කිරීම.
3. සේකර කලාකරුවකු වශයෙන් අත්පත් කරගත් මානුෂීය ලකුණු සොයාබැලීම.
4. සේකරගේ නිර්මාණ නූතන සංකල්ප ඔස්සේ විවරණය කිරීම.
ටී.එස්. එලියට්ගේ කාව්‍ය නිර්මාණ හා සේකරගේ නිර්මාණ අතර පවත්නා භාෂාමය සාම්‍යතා සම්බන්ධව සිරිමාන්න, ඩබ්ලිව්.ඒ. අබේසිංහ සහ සෙසු වියතුන් අවධානය යොමු කළ අතර මෙහිදී සමන් එස්රා පවුන්ඞ්ගේ ලක්ෂණ සමීපව ඇසුරු කරයි. එස්රා පවුන්ඞ් අනුදත් චිත්තරූපවාදය හා සේකරගේ කවි සමන් අප අබිමුව තුලනය කර පෙන්වයි. එලියට් සම්බන්ධයෙන් වන කියවීම සඳහා නව පරපුර නිරත කිරීම ද, කිවියර ආරියවංශ රණවීරගේ ‘ඇමරිකානු කවියට පෙරවදනක්’ වැනි ජනප‍්‍රිය මුහුණුපොත් මාධ්‍යයට හමුනොවූ කෘතිවලින් උපුටන නැවත නැවත යෙදීමෙන්ද රචකයා සේකරට පමණක් නොව සෙසු රචකයන්ට ද සාධාරණයක් ඉෂ්ට කරයි.
‘ජනතාවාදය, ජාතිකවාදය හා පිවිතුරුවාදය’ ලිපිය යටතෙහි සේකර තුළ ජාතිකත්වය පිළිබඳව වූ බහු ආගමික සහයෝගශීලී අදහස් විවෘත හා රොමාන්තික බව පවසන සමන් කුමාර මෙවැන්නක් පවසයි.

‘සේකර උතුරෙන් ගෑනුන් ඉල්ලූ‍වේ නැත. ජාතිවාදයට එරෙහි පේ‍්‍රම ගීතවල එන ලිංගික පැසිස්ට්වාදය, පුරුෂෝත්තමවාදී තත්වකාමය ඔහුගෙන් කිසි විටෙකදු මතුවුණේ නැත. ඔහු දැඩි දේශපේ‍්‍රමියෙක් විය. 1970දී එළි දකින බෝඩිම තුළ එන රත්නදීප ජන්මභූමි ගීතය වුවද ඊට දෙස් දෙයි. ඔහු ඉතිහාසය පිළිබඳ අධිපති මතවාදය චමත්කාරකරණය කළේ යැයි අරුමැසියාවට නැංවී යැයි යමෙකුට කිව හැකිය. එහෙත් ඒ පටු ජාතිකවාදයවත්, ජාතිවාදයවත්, අතීතය කරා දැක්කීමක්වත් නොවී…

සුචරිත ගම්ලත් සේකර ලාංකීය විප්ලවයේ කැඩපත යැයි කීවේය. 71 කැරැල්ලට මාස කිහිපයකට පෙර එළි දුටු ‘බෝඩිම’ කාව්‍ය සංග‍්‍රහයේ එන ආයාචනය පද්‍ය පංතියේ පහත උද්ධෘතයන් 71 තරුණ කැරැල්ලේ කස පුපුරන හඬ බඳුය.

සුදු ලයිට් එළිය
බොල් පිනි මැද ගුලි වුණු හඳ

නින්ද නොයන බකමූණෙක්

බකමූණෝ!

හූම්. හූම්

මට දෙනවද?
හූම් හූම්
බකමූණා දෙනවලූ‍ රස්සාවක්
කවද්ද?
හෙට. අනිද්ද. ඉන් අනිද්ද?
-ආකාසේ තැන් තැන්වල මැරිච්ච බැටලූ‍ රංචු’
(බෝඩිම)




මහගමසේකර මව, බිරිඳ, අබිසරුලිය, සොයුරිය සම්බන්ධව දරන ආකල්පය සමන් කුමාර ඔහුට උචිත ස්ත‍්‍රිය සම්බන්ධ වෙසෙස් කියවීමකින් අපට පහදා දෙයි. මනෝ විශ්ලේෂණවාදී න්‍යායන් ඔස්සේ එක් කරුණකින් තවත් කරුණු ගණනාවක ස්පර්ශ කරන රචකයා ‘සේකර දුටු ස්ත‍්‍රී අවතාර’, ‘සේකරගේ ස්ත‍්‍රිය පිළිබඳ දැක්ම‘, ‘මාතුගාම සහ මාතෘගර්භ’ ආදි පරිච්ඡේද තුනක් ඔස්සේ විග‍්‍රහ කරයි. අම්මා බුදු වේවා, අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ ආදි පැදි ඇසුරින් මව විෂයෙහි පුද්ගල බැඳීම් විවරණය කරයි. එහිදී ගර්භාෂ බිත්තියේ සිට මව සොයා තවමත් ඇදෙන ප‍්‍රාකෘත මිනිසා නාගරිකරණය වීමේදී අත්දකින සංසිද්ධීන් පිළිබඳවත්, මව්වරුන් බුදුවරුන් කරවන ග‍්‍රාම්‍ය ජනප‍්‍රිය සිංහල බෞද්ධ සංස්කෘතියත්, උමයංගනා පිළිබඳ අර්ධ නාරිශ්වර සංකල්පයත් දක්වයි. සේකර තරම් ගණිකාවන් ගැන ලියූ සෙසු කවියකු සිංහල සාහිත්‍යයයේ නැතැයි සමන් පවසයි. මෙලෙසින් එක් කරුණක් සම්බන්ධව සමාජීය, සංස්කෘතික, දේශපාලනික ඈ සවිස්තර කථනයක් රචකයා ඉදිරිපත් කරයි. කෘතියට එය සාධනීය නිමැවුමක් එක් කළද ඇතැම් විට සංකල්ප සියල්ලම එක් වාක්‍යයකින් වටහා ගත නොහැකිව පාඨකයා සංදිග්ධතාවට ද පත්විය හැක.

මහගමසේකර ලියූ ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට’ ගීයේ මාස් ශුද්ධිය අරුත් ඇති විවරණවල යෝග්‍යතාව, ‘අඩවන් දෑසින් පවසනු රහසින්’ ගීයට හෂිත අබේවර්ධන දක්වන ඕමාර් ඛයියාම්ගේ පැදි හා සංසන්දන පාඨ, ‘වැසි වසිනා අහස අපි’ ගීය නිර්මාණය වූ දේශපාලන පසුබිම හා එහි ‘ගොවියෝ අපි කම්කරුවෝ රට රකිනා ජනතාවෝ’ යන්න එවක ආණ්ඩුව විසින් ‘වැසියෝ අපි පුරවැසියෝ’ කිරීම වැනි ගීතවල වත්මන් තරුණ පරපුර නොදුටු පැත්ත දක්වන්නට සලස්වයි. සේකර සම්බන්ධයෙන් කෙරෙන බහුමාන කියවීමකට අප කැඳවා යන සමන් කුමාර එම අවස්ථාවේදීම අපට දැනුම් පද්ධතියක් ද සමීප කරවයි. එබැවින් මහගමසේකරගේ කලා නිර්මාණ පිළිබඳ සහෘද රස සිත් ඇත්තන් සමන් කුමාර දක්වන ‘සේකරගේ නොදුටු පැත්ත’ ද දුටුව මනාය!
ඩිල්ෂානි චතුරිකා දාබරේ

Tuesday, June 8, 2021

ඇගේ නම රතී හෙවත් මගේ සුදු යකින්න ප්‍රඥා මාර්ගික කාව්‍ය තන්ත්‍ර භාවනා

ප්‍රඥා මාර්ගික කාව්‍ය තන්ත්‍ර භාවනා








කේ.කේ. ගේ ස්ත්‍රිය, ප්‍රබන්ධයකි,සිතුවිලි මාත්‍රයකි.එය ඔහුගේ මනසේ නිර්මාණයකි.ප්‍රඥාමාර්ගික කාව්‍ය තන්ත්‍ර භාවනා නමින් කේ.කේ. රචිත ඇගේ නම රතී හෙවත් මගේ සුදු යකින්න කාව්‍ය   සංග්‍රහය කියවාගෙන යන විට ඔහුගේ මනසේ ඇති ස්ත්‍රිය අපට මුණ ගැසෙයි.එය ඔහුතුළ වු ස්ත්‍රීය පිළිබඳ මහා කරුණාවක් ලෙසත්, මහා ප්‍රේමයක් ලෙසත්, මහා විපරීතයක් ලෙස මුණගැසෙයි.එය ඔහු තෘප්ත කර ගැනීමට යත්න දරනුයේ කෘෘර වධ බන්ධන තුලින් පතන්නා වු රමණයකින් අවසන්වන මරණයකිනි.

malinda  widanagamage

සංසාරේ දඩයක්කාරයාට අත්පොතක්

සංසාරයේ දඩයක්කාරයා'





ප්‍රසන්න ජයකොඩිගේ 'සංසාරයේ දඩයක්කාරයා' සිනමා කෘතිය ප්‍රේක්ෂකයා ඉදිරියේ තබන අභියෝගය සුළුපටු එකක් නොවේ.
යමෙකු සයිමන් නවගත්තේගමගේ 'සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා' , 'සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා' , ' දඩයක්කාරයාගේ කතාව' හා 'සංසාරාරණ්‍යය අසබඩ' කෘතීන් නොකියවා, ඒවායෙහිදී නවගත්තේගම මතුකළ අරුත් අවබෝධකර නොගෙන 'සංසාරාරයේ දඩයක්කාරයා' සිනමා කෘතිය නරඹන්නේ නම් ඔහු හෝ ඇය වංකගිරියක අතරමංවීම නොවැළැක්විය හැකිවනු ඇත.
එසේම, යමෙකු ඉහතින් සඳහන් කළ නවකතා සමග සයිමන් නවගත්තේගමගේ නිර්මාණ පිළිබඳව කේ. කේ. සමන් කුමාර 2008 වසරේදී ලියා පළ කළ 'සිංහල ජාතියේ වංශ කතාව, සංසාරාරණ්‍යය හා සයිමන් නවගත්තේගම' කෘතියද කියවා, ථේරවාදී හා මහායානික බෞද්ධ ඉගැන්වීම් හී සාරය පිළිබඳව යම් අවබෝධයකින්ද යුතුව සිනමා කෘතිය වෙත ප්‍රවිශ්ට වන්නේ නම් ඔහු හෝ ඇය ඉදිරියට කෘතිය ගෙන එන වැඩබිම සුළුපටු එකක් නොවනු ඇත.
ඉහතින් සඳහන් කළ අවබෝධයන් රහිතව සිනමා කෘතිය වෙත ප්‍රවේශ වන අයෙකුට චරිත තරම්ම කාර්‍යයක් ඉටු කරන, බහු සංකේත අරුත් දනවන කෘතිය තුළ වන දේ, කිසිදු අරුතක් නොදනවන දළ දේ බවට පත්වනු ඇත.









නිදසුනක් ලෙස, සිනමා කෘතිය තුළදී ප්‍රේක්ෂකයාට නිතර මුණ ගැසෙන දැවැන්ත වෘක්ෂය දැක්විය හැක. සිනමා කෘතියේ අවසන් භාගයේදී මේ දැවැන්ත වෘක්ෂය දිගේ කැමරාව සියුම්ව ගමන් කරයි. එහි කඳද, මුල්ද හරහා ගමන් කරන කැමරාව අවසන විසාල අඳුරු කලාපයකට පිවිසෙයි. එවිටම නරඹන්නාට දෙපසින් යුද්ධ භූමියක කලබලය හා වෙඩිහඬ ඇසෙයි.
මේ වෘක්ෂය වූ කලී නවගත්තේගමයන් දඩයක්කාරයා කතා මාලාවේදී පාඨකයාට මුණ ගැස්සූ වෘක්ෂ දේවතාවාය. 'සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා' හී දඩයක්කාරයා පොළොව පතුළට සභ්‍යත්ව හතක් පඩි බැස යන සිදුවීම හා නවගත්තේගමයන් ඉන් පෑදූ අරුත ගැන අනවබෝධයෙන් යුතු අයෙකුට ප්‍රසන්න මෙහිදී එය නවාර්ථ සහිතව ගොඩ නගනු මග හැරෙනවා පමණක් නොව, කෘතියේ කාලය හා පරිසරය හා සමපාත නොවන මුල්ලේගම පන්සලේ විහාර ගෙහි පිඟන් ගඩොල් අල්ලා තිබීම හා පහන් වැටි ආධාරයෙන් එළිය වන පන්සලේ එක් මොහොතක විදුලියෙන් ක්‍රියාත්මක වන ලවුඩ්ස්පීකර දැකීම නොගැලපෙනාක් ලෙස පෙනී යනු ඇත.
නමුත් ප්‍රසන්න මේ සියල්ල එහි ඇතුළත් කරන්නේ අතිශය දැනුම්වත්වීමක් ඇතුළත හිඳිමිනි.
'සංසාරයේ දඩයක්කාරයා' සිනමා කෘතිය තුළ මා ඉදිරියේ මැවෙන දඩයක්කාරයාද, හාමුදුරුවන්ද, පොඩි කන්දයාද, කැළය නම් සංසාර අරණද, මුල්ලේගම පන්සලද නවගත්තේගමයන්ගේ දඩයක්කාරයා කතා මාලාව මා ඉදිරියේ මැවූ එක නොවේ.
නවගත්තේගමයන්ව හරියටම අල්ලාගත් ලාංකීය සාහිත්‍ය විචාරකයා අන් කවරෙකුවත් නොව කේ. කේ. සමන් කුමාරයැයි මට සිතේ. මීට 25 වසරකට ඉහතදී මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී සුනිල් විජේසිරිවර්ධනයන් කළ, එකල විසි දෙහැවිරිදි වියේ වූ මා හාෆ්ශීට් පිටු 60 ක් පුරා මගේ අත් අකුරින් පිටපත් කර දුන්නද තවමත් නොපළව සුනිලුන්ගේ පුස්තකාලයේ ෆයිල් අතර පවතින, ඒ අනගි දේශනය, 'දඩයක්කාරයා දඩයම් කිරීම', වැඩි වර්ධනය කළේනම් දඩයක්කාරයා හරහා ලාංකීය සමාජය හොඳින්ම විවරණය කළ ලාංකීය විචාරකයා සුනිලුන් වනු ඇත.
ප්‍රසන්නගේ සිනමා පටය මා වැනි දුහුනන්ගේ නොව සමන් හා සුනිල් ඇතුළු විචාරකයන්ගේ හා දැනුවත් ප්‍රේක්ෂකයන්ගේ අවධානයට නතු විය යුතුය. එය ගැන සංවාද කළ යුතුය. දඩයක්කාරයාව යළි අවබෝධ කරගත යුතු මොහොතකය අපි දැන් සිටින්නේ.