Tuesday, June 8, 2021

ප්‍රඥා මාර්ගික කාව්‍ය තන්ත්‍ර භාවනා




කියවපු පොතකින් කොටසක් උපුටලා දක්වන්න කියලා මට මේ challenge එක ගෙනාවේ මා
ප්‍රිය මිත්‍ර මුද්‍රා♥️.


කියවූ පොත් කිහිපයක්ම ඇතත් හැමවිටම "ආසම පොත" ගැන කවුරුන් හෝ ඇසුව හොත් ක්ශනිකව මට සිහි නැගෙන්නේ මේ පොත පමණක්ම බව කිව යුතුයි.ඊට සුවිශේෂී වූ කාරණා කිහිපයක් ද දිගුහැර දැක්වුවහොත්, එකක් නම් මා සර්පයාට වූ ආදරය ද එමෙන්ම ඔහුගේ මම කියවූ පලවෙනි පොත වීම ද , මේ තිලිනයේ ඇති වටිනාකමත් ඇතුලු පෞද්ගලික වටිනාකම් රැසක්ම ඊට බලපා ඇති නිසාම මම මේ පොත තෝරගන්නවා .
*සැයු: මා අතිදක්ශ ලියන්නියක් නොවන අතර, මාගේ උපුටනය තුල බහිශ්කරනය කල යුතු යැයි හැගෙන අදහසක් ඇත්නම් එය දැනුවත් කරන ලෙසත් මා ප්‍රථමයෙන් ඉල්ලා සිටිනවා.
මන්ද මාහැගි අදහස් සියල්ල පෞද්ගලික සහ හැගීම්බර වපසරියක් තුල ගොඩ ගැසෙන ඒවා වීමත්, පූර්ණ බුද්ධිමය ද නොවූ එකක් නිසා මෙහි හැගීම්බර පැණිරස මට වඩ වඩාත් හයිලයිට් කල යුතුයැයි මම සිතමි. සර්පයා මහා ලියන්නෙක් වූවත් , ඔහුගේ පොත් ඇසුරට ගන්නන්ටද එය බරපතල වුවත්,
මා එහි සීනිබෝල බොලද රසය ගන්නට ආස කරමි.එහිදී මා කැමතිම වූයේ ඔහුගේ සංකීර්ණත්වය තුල වූ ඒ පැණි රස කෑල්ලට බව තව තවත් කිව යුතුය.♥️

ප්‍රඥා මාර්ගික කාව්‍ය තන්ත්‍ර භාවනා
o seu nome é Rathee
ඇගේ නම රතී හෙවත් මගේ සුදු යක්කිනිය.
රාමුව තුල ජීවත් වෙමින් රාමුවෙන් පිට යුනික් නිර්මාණශීලීත්වය තමා සර්පයා♥️. පොතක පෙරවදනේ ඉදලා සම්පූර්ණ ආකෘතිය එක්කම ලස්සනට සෙල්ලම් කරන්න සර්පයා දක්ශයි.ඒක සංකීර්ණ වුනත් මට පේන්නේ ඒක සෙල්ලමක් විදිහට.
"මග්දලේනාවකගේ පෙරවදන"
මං ඒ පෙරවදනේ දැක්කේම ආදරය,
ගෑණියකගේ ඉරිසියාකාර ආදරයකට සර්පයා දුන්න වටිනාකම..
සමාජයෙන් බහුතරයක් පයින් ගහන දේවල් සර්පයා වචන ඇතුලට දාලා දුන්න ලස්සන හැගීම්බර වටිනාකම..
ඒක තමා "ආදරය"
තව පොතෙන් පොඩ්ඩක් එහාට ගියොත් ,
*
"නේරංජනේ ස්නානේ" ඔය උඩින් මං කියපු රාමුව ඇතුලේ ලස්සන සෙල්ලමක් දාලා තියන පොතක්..
(ඇගේ කපාලය අරා මුළු මහත් විශ්වයේම ඇතිව නැතිව ගියා වූද ඇති වෙමින් නැති වෙමින් පවත්නා වූ ද ඇතිව නැතිව ය)
ආයෙත් රතී ගැන මතක් කලොත් ගඟ, ආලෝකය නුඹ ,ගිනි සිල,නමස්කාර,සඳවතී දේවතාවී , බෝදිලිමී,,බමුණු මහල්ලා, ඉක්මන් බුදුවරිය ,මීමැසි රැජින,විරුද්ධාභාසවාදී ගැහැනිය, සාහිත්‍ය මාසය, කල්තබා දැනුම් දුන් මරණයක කතාවක්.ොය වගේ තියන හැමකවියම උපුටමින් රස විදින්න කාලය මදි.තව තව එකතු වෙනවා , ඉතින් බ්ලාස්ට් වෙලා යන්න වැදුනු කවි දෙකක් විතර උපුටලා මම නවතින්නම් මුද්‍රා...
මෙ කවිපොතේ චැප්ටර්ස් දෙකක් තියනවා
මට හිතෙන්නේ මේ සෙල්ලම රස වෙන්න ගන්නේ මේ චැප් දෙක හොයාගත්තට පස්සේ.
අන්තෝ ජටා
බහි ජටා
ඔය දෙක ඇතුලේ ලියවෙන හැම කවිකටම මට හිතෙන්නෙ මේ න්‍යායට අනුව අර්ථකතනය කරගන්න පුලුවන් කියලයි
"අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගෝතම පිච්ඡාමී - කෝ ඉමං විජිටයේ ජටං"
ඇතුලතත් අවුල් පිටටත් අවුල් ප්‍රජාව අවුලෙන් අවුලට පත් වී ඇත.
මේ අවුල ලිහන්නේ කවුද?
සර්පයාගේ ඇතුලත ගිනියි පිටත ගිනියි නිවන්න කවිවලට පුලුවන් වෙන්න ඇති.ඒත්ලිහාගන්න බැරි තැන් එමටයි.
අන්තෝ ජටා
ගිනි සිල
"ඒ ගිනි සිසිලක් ය
ඒ නුඹ සිසිල් බැවිනි
මම මෙරුවෙකු මෙන් දැවෙමි නුඹේ ගිනි සිසිලේ
මම ඇදෙමි ඔය ප්‍රභාශ්වර වූ එලියට
නුඹ ආත්මයේ
ෆීනික්ස්ව ඉපදෙමි ගිනි සිසිලෙන්ම නුඹේ
මගේ ආදර පිස්සු බැල්ලී
මට දැන් ජලභීතිකාවයි
මට
ගිනි පිපාසාවයි
ජලභීතිකාවයි."
මෙසේ කවියේ ඇවිලෙන අන්තෝ ජටාව ප්‍රේමයයි.
"මගේ ආදර පිස්සු බැල්ලි මට දැන් ජලභීතිකාව"
මේ කවියෙන්ම එලියට එන අයිඩියා එක හරිම විප්රලම්භ ශෘංගාරයක්.ඒකේ ගැලවෙන්න බැරි ආදරණීය දුක්ඛිත අවුලක් සර්පයා ඔහේ හලලා දානවා. ඒ ප්‍රශ්නේ බුඩිසම් එක්ක කවලම් කලොත් බුදුන්වහන්සේ මේකට දෙන උත්තරය නම් ,
"යම් කෙනෙකු රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් දුරු කරන ලද්දී ද,
ඒ ක්‍ෂීණාස්‍රව රහතුන් ය​. ඔවුන් විසින් මේ අවුල නිරවුල් කරන ලදී.
යම් තැනෙක නාමය ද, රූපය ද, පටිඝය ද, රූප සංඤාව ද,
නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, එතැන මේ අවුල සිඳෙයි.
– සංයුක්ත නිකාය​, ජටා සුත්‍රය​
ලෙසයි. නමුත් එලෙස අධ්‍යාත්මික සංකීර්ණත්වයට කොමාවක් තියමින් සර්පයා බොළද ආදරයේ හැගීම රස කරන්න අවසානයටත් තූවාලේ පාරගෙන තියනවා
"මට ගිනි පිපාසාවයි , මට ජලභීතිකාවයි" මේකෙන් ෆුල් ස්ටොප් තියන්නේ ....එක්කො ඇවිලියන් නැත්නම් ලෙහා ගනින් යැයි ආදරයට හර්ශාදී ලකුණක් තියලා♥️
-------
බහිජටා වේ
කල්තබා දැනුම් දුන් මරනයක්/
කරුමක්කාර කතාවක්
වැටත් නියරත් ගොයම් කෑ දේශයේ
කාගේ කාගේවත් කිල්ලොටවල ඇති හුණු අමතක කොට
සාමා අමර එන්න අපි
මුව හමට තඩි බාමු
මුං වපුරා තල ඉල්ල්මු
අමු කැවුනු විට මෝටම
දස මාසේ උරේ කත්වා
දුටු දුටු තම්බි මරන් කත්වා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
සියලු තම්බින් තුරන් වෙත්වා
ඔන්න නය
මෙන්න පොල්ල
මං නං සිල්!
....
එන්න අපි ඔට්ටු අල්ලමු
බලුබෙට්ටේ ඒ කොනත් මේ කොනත් දෙකේම ගඳ වූවද
මේ කොන සුවද යැයි ශපත කරමු
අපි බෙට්ට මත රුපියල දිවෙන් ගමු
"බුර්කාව තහනම් ය
ස්ත්‍රී විමුක්තියේ දෝංකාරයයි"
---
"ධර්මය රකින්නට යන්නා ධර්මය විනාශ කරනු ලබන්නේය"
මහම්මද් නබිතුමනි
සම්මා සම්බුදුනි
යේසු සමිදානෙනි
මේ බෙට්ටේ කොයි කොනත් ගඳයි
බල්ලෙක් සිටී ඔලු තුනක් ඇති
එක පුකක් ඇති
එකම බෙට්ටට තමන්ගේ කියා රණ්ඩු වෙයි
ඒත් උන් මේ වසුරු ඔබලාගෙයි උඩු බුරයි"
මේ උපුටනය තැනින් තැනට ගත්ත එකක්.මොකද මේක ටිකක් දුර කවියක්.පොඩි නැවතුම් ටිකක් තමයි ඔය තියෙන්නේ.
මං මේ උපුටනය ගැන වැඩිය නොකිය සර්පයගේ පැත්තට හැරෙනවා.මොකද මේකේ තියන එක ශෝට් කට් එකකින් කියලා ආගම්වලට අගෞරවයක් වෙන්නත් පුලුවන් ඒත් දුරට කියන්න තරම් ඉඩකඩක් නැති එකත් එක හේතුවක්
"ඇස් ඇත්තෝ බලත්වා"(වෙඩී) වගේ
රස දන්නෝ කාපල්ලා ඕන විදිහකට.
මං කලින්ම කිව්වා වගේ සර්පයාගේ සංකීර්ණත්වය ඇතුලේ තිබ්බ පැණිරස මට feel. ඔයාගේ ලිවීම් නෙල්ලි වගේ තමා♥️
"මම විහිළුවක් කරනවාද, නැත්නම් මම බැරෑරුම්ද යන්න මහජනතාව දැන ගැනීම අවශ්‍ය නොවේ"
(සැල්වදෝර් ඩාලි_)
*මුද්‍රා උබේ ඉල්ලීම අහක නොදා බැරිකමට
මම ජීවිතේ පුරාවට පොතක් ගැන facebook එකට ලියපු පලවෙනි ලියවිල්ල මේක.
ඒත් පොතට වඩා සර්පයා ගැනයි ලියලා ඇත්තේ.😽👉🏻
_ගී_



Upathni Sanchethana

Wednesday, September 11, 2019

“ඇගෙ නම රතී”



Sapio sexual erotic poetry collection with crazy wisdom & emotional intelligence


                                 සරස්වතී 
කලාවේ සදා සරණාගතී
ඥාණයෙන් බඩ නොපිරේ යැයි කී 
ලක්ෂ්මිය වඳින්නට යන උන්ට
ඇස් ඉස් මස් ලේ දන් දුන් 
සරණාගතී
ලක්ෂ්මී දෙවොල මුල

ජගන් මෝහිනී ඔබමය
මධුර භාෂණය රුදු වුණ
චාරු දේහිනී රළු වුණ
කමල වාචිනී මැල වුණ

සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී


කේ. කේ. සමන් කුමා­රගේ නව­තම කාව්‍ය සංග්‍ර­හය “ඇගෙ නම රතී”නමින් දැන් නිකුත් වී තිබේ. 

‘නගා මැරූ අල’, ‘කවි නැවත් කොළ­ඹට’, ‘මගේ පුංචි මාතා­හාරි’, ‘ඉතිරි බිතිරි’ යන කාව්‍ය සංග්‍ර­හ­යන් මීට පෙර පළ කොට ඇති ප්‍රවීණ ලේඛ­ක­යකු, විචා­ර­ක­යකු, පරි­ව­ර්ත­ක­යකු මෙන්ම ජන­මා­ධ්‍ය­වේ­දි­යකු ද වන 
කේ. කේ. සමන් කුමා­රගේ පස් වන කාව්‍ය සංග්‍ර­හය වන මෙය ශෘංගා­රා­ත්මක කවි එක­තු­වකි.

Tuesday, February 5, 2019

නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවේ.






ප්‍රවීන ලේඛක කේ. කේ. සමන් කුමාර විසින් මෙහෙයවනු ලබන නිර්මාණාත්මක ලේඛනය වාර්ෂික පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.

මෙම පාඨමාලාවෙන් අරමුණු කරනුයේ නිර්මාණාත්මක ලේඛනයේ න්‍යායික පාර්ශ්වය - තාක්ෂණික මෙන්ම දෘෂ්ටිමය පාර්ශ්වය පිළිබඳ අවබෝධය ලබා ගැනීම සහ ගවේෂණය උදෙසා ප්‍රවේශයක් ලබාදීමයි. එහිදී ප්‍රායෝගික අත්දැකීම් හා පුහුණුව තුළින් පමණක් ලබත හැකි මාධ්‍යමය හා වෘත්තීය පරිණත බව ලබා ගැනීම සඳහා මග පෙන්වීමක් ලබාදීමද සිදු කෙරේ. වෙසෙසින්ම අද්‍යතන ලෝකයේ සාහිත්‍ය සිතියම තුළ තම ආත්මීය, ස්වීය අනන්‍යතාව නිසි පරිදි ස්ථාන ගත කිරීම කෙරේ අවබෝධය මෙමගින් ලබා දෙනු ඇත. 

මුහුණු පොතේ නිර්මාණාත්මක ලේඛනය පිටුවෙන් අන්තර් ජාල ලියාපදිංචිය සිදු කළ හැක. අයදුම්පත් ලබා ගැනීම සඳහා විමසීම්:

දුරකථන- 0787355629

සම්බන්ධීකාරක,
නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාව
ග්‍රැෆිකෙයා ප්‍රකාශන,
අංක 136, කොස්වත්ත පාර,
කළපළුවාව, රාජගිරිය