Monday, March 26, 2018
Tuesday, March 20, 2018
මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා
කේ. කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා’ කෘතිය 2018 අප්‍රේල් මස 05 වන බ්‍රහස්පතින්දා සවස 3.00ට ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.
1988 සිට 2018 දක්වා ලාංකීය වාම දේශපාලනය තුළ ඇති වූ විපරීතත්වය තේමා කොට ගත් මෙම කෘතිය පිළිබඳව ‘වාම සංඝායනාවකට නිමිත්තක්’ මැයෙන් පැවැත්වෙන කතිකාවට චූලානන්ද සමරනායක, අනිල් ලාල් තිබ්බොටුවාව සහ නන්දන වීරරත්න මුල පුරනු ඇත. කතිකාව මෙහෙයවීම අසංක සායක්කාරගෙනි.
අහස ප්‍රකාශනයක් වන ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා’ කෘතිය එදින විශේෂ සහන මිලකට එහිදී ලබා ගත හැක.
මෙහි කංචුක නිර්මාණය මොල සෙනෙවිරත්න ගෙනි.
Sunday, March 4, 2018
පසෙන් උපන් යෝධයාගේ පාංශුමය සාහිත්‍යය
මා ඒ කාලයේ ඇන්දේ කොටකලිසම්ය. ඒද තිබුණේ දෙකකි. කොල්ලන් දිග කලිසම් ඇන්දත් පසුදා ඒ ඇඳ දොට්ට බසින්නට වන ලැජ්ජාව වසා ගන්නට මම සුද්දගෙ ඇඳුම යැයි දිගකලිසම් නාඳින ජාතිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමි. එසේ නම් කොට කලිසමද සුද්දාගේ කියා මට සිතුණේ නැත. කලිසම චීනාගේ යයි මා දැන ගත්තේ බොහෝ පසුවය. ඒ කාලේ ළමුන් ගැන සොයා බැලීමේ මෙතරම් ඉහවහා ගිය භීතිකාවක් වැඩිහිටියන්ට තිබුණේ නැත. කොහොමටත් අම්මාගේ පිස්සුව නිසා කලුවර වැටුණු පසු ගෙදර එන්නට හුරුව සිටි මට එම ප්‍රතිපත්තිය කුඩම්මා යටතේත් දිගටම ගෙන යන්නට විය.
ඒ කාලේ මම පයින්ම සැතපුම් දහය පහළව හිස හැරුණු අතේ ගොස් රටතොට දැක බලාගන්නට පුරුදුව සිටියෙමි. ගොලු හදවත කියවා මම හොරණ තක්ෂිලාව බලන්නට පසුදා පාසලින් කට්ටි පැන පයින්ම හොරණ ගියෙමි.
ඉතින් මම දිනෙක මේ මහා යෝධයාවද දැක බලාගන්නට ගියෙමි. ඇරුව්වල ඇත්තේ මොරකැටියෙන් හැරී දිගටම ගිය විට බව මම දැන සිටියෙමි. ඒ කාලේ පාරක් දැන ගන්නට ඕනෑ නැත. ඕනෑ කෙනෙක් පාර කියා දෙයි. කඩයකින් වතුර එකක් ඉල්ලූ විට අප වැනි ළමයින්ට සල්ලි නොගෙනම තේ එකකුත් දෙයි. විස්තර අසයි. මා මගේ දුව ගැන අද බිය වන සේ බිය වන්නට කිසිවක් නැත. තිබුණත් මට නම් එවැන්නක් තිබුණේම නැත.
ඇරුව්වල පාරේ එවිට තිබුණේ ගෙවල් කිහිපයකි. දිගටම කැලෑවල්ය. වෙල් යායවල්ය. මේ මල්දෙනියේ සිමියොන්හි කතා කෙරෙන පරිසරයය. හැමෝගෙන්ම අසාගෙන අන්තිමේ මම ඇරැව්වල හන්දියට ගියෙමි. පසුව එතැනින් ආපස්සටැයි කීයෙන් ආපිට හැරී මේ යෝධයාගේ නිවස පිහිටි ‘මල් උයන’ කරා ගියෙමි.
අඩවන් දොරට තට්ටු කළ විට ටිකකින් උලුවස්සටත් වඩා උස දෙදෙනෙක් එතැන පෙනී සිටියෝය. අතපය, පපුව පුරා පස් පිටින් නන්දිමිත්‍රයන්ය. එතැන සිරියාවට පුවක් මලක් සේ සිනා සිසී පුවක් ගසක් සේ උස සුදු ගැහැණියකි. ඒ ඔහුගේ බිරියය.
කතා කළ දේවල් මට මතක නැත. විනාඩි දහයක විතර සල්ලාපයකි. ඔහු කතා කළේ නැත. ගුවන් විදුලි නාට්‍ය ලියන්නට ඉගෙන ගන්නේ කෙසේදැයි මම ඇසුවෙමි.
‘අපි මේ කතා කරන විදිහට ලියන්න. එච්චරයි. තමන්ම හිතින් කතා කර කර.’
ඉන් දශක කිහිපයකට පසුව නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ පාඨමාලාවක් වසර තුනක් තිස්සේ පවත්වාගෙන ගිය මට අදද ලියන්නට කැමති කෙනෙක්ට කියන්න තියෙන්නේ එයමය. පෙදරේරු පාඨමාලා කළ වුන්ට උපකරණ එකසිය පනහක් විතර ඕනෑ යයි බාස්ලා අතර කියමනක් ඇත.
ඉන්පසු තවත් වරක් මා ඔහුව හමු වන්නට නිවසට ගියා මතකය. ඔහු සිටියේ වගාවකට පාත්ති සකසමින්ය.
මහවැලියේ ඔහු සේවය කළ කාලයේ සුගත් වටගෙදර, මනෝ අයියා, හා නන්දිමිත්‍රයන් ආදීන්ව හමුවන්නට මම සතියකට වතාවක් ‘ඉසුර’ ට යන්නෙමි. ඒ කාලේ තිබූ ඒ නිර්මල අව්‍යාජ නිහතමානී උපේක්ෂා සහගත බව මා පසුකලෙක මංමුලාවැල් පෑගී පිටසක්වළ බසින් දොඩන විවිධ අවධිවලද ඔහු මා වෙත පෑවා මට මතකය.
1984 වන විට මා කාන්දමකට ඇදී ගියෙමි. ඒ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි. මා තවමත් රැකී සිටින්නේ එයින් ආරෝපණය වූ චුම්භක ශක්තියෙනි. ඉන්පසු ගන්ධබ්බ කාලයකි. යළි මා ඇදී ගියේ දීප්ති මගේ දෙවන පියා ලෙස හඳුන්වන රොහාන් පෙරේරාගේ කාන්දමටයි. සකලවිධ න්‍යාය, මතවාද, ෂානරයන් පසුපස පරම්පරා තුනක් දිවුණු අද දක්වා රටටම වදකහ සුදියක් වුණු විෂම කතිකා යුගයක් ඇරඹුණේ ඉන් අනතුරුවයි.
මේ කාලය තුළ ලාංකීය කැරලි දෙකක් පරාජය විණි. සමාජය ඉමහත් විපරීතත්වයක් තුළ ගිලී ගියේය. නව ජාතිකවාදීන් අතර නන්දිමිත්‍ර ලෙස හඳුන්වන චම්පික පාරිසරික දේශපාලනයෙන් ගල් අඟුරු බලාගාර හරහා මෙගාපොලීස් දක්වා ගමනක් ගියේය. එය සෝම හිමියන්ගෙන්, පූජනීය දේශපාලනයේ කස පිපිරුම්වලින් ඥානසාරගේ හා සමන්ත භද්‍රගේ අධෝවාත දක්වා පිරිහී ගියේය.
පසු කලෙක මම මල්දෙනියේ සිමියොන්ගේ ජන්ම භූමිය වූ රත්මල්දෙනියේ වැසියකුව සිටියෙමි. මා එදා ඒ යෝධයා හමුවන්නට ගිය කැලෑවල්වලින් හා වෙල්යායවල්වලින් හෙබි පරිසරය අද නිකම්ම වෙන්දේසි වත්තක් ගානට ගිහින්ය. පාර දිගේ කුණු ගොඩවල්ය. පාරේ ඇවිද යන්නට බැරි ගානට වාහනය.
ඇමරිකානු පාංශමය නවකතාව ( The novel of soil ) වැනි එෛන්ද්‍රීය බවකින් ලාංකීය පොළොවෙන් පැන නැගි සාහිත්‍ය කෘති හා නිර්මාණකරුවන් අපට ඇත්තේ අතලොස්සකි. විදේශිකයකු වුව වුල්ෆ් පවා ඊට අයත් වේ. ඒ හැර ජයසේන ජයකොඩි, ඇන්. ටී. කරුණාතිලක හා නන්දිමිත්‍රයන්ය. ඒ පැන නැගුණේ ජාතිකවාදීන්ගේ, යතාර්ථවාදීන්ගේ හෝ ජනතාවාදීන්ගේ මෙන් ඔලුවෙන් නොව පොළවේ පස්වලිනි. උස්පෙන්ස්කි සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි කී සෙයිනි. උස්පෙන්ස්කි නරොද්නිකයෙක් වුවත් ගම හා නගරය අතර තිබෙන ප්‍රතිවිරෝධයත්, ඒ නගරය කරා එන ආකාරයත් හඳුනා ගැනීමේදී ඔහු අපෝහකවාදියෙක් වූ බවත් සෑම විප්ලවවාදියෙක්ම උස්පෙන්ස්කිව කියවිය යුතු බවත් ට්‍රොට්ස්කි සඳහන් කළේය.
සැබැවින්ම පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ මල්දෙනියේ සිමියොන්ලාය. මහා විධායකයන්, සමාගම් අධ්‍යක්ෂකවරු වැඩිය ඕනෑ නැත අපේ කලාකරුවන් වැඩිහරියක් තුළම මල්දෙනියේ සිමියොන්ලා ඔබට හමු වනු ඇත. සැබැවින්ම රටම මල්දෙනියකි.
කාරණය විප්ලවවාදීන්, පශ්චාත් නූතනවාදීන්, මනෝවිශ්ලේශකයන් තුළ පවා ඔබට මල්දෙනියේ සිමියොන් හමුවීමයි.
පොළවේ පස අමතක කොට අපට යා නොහැකිය. අප දිව්‍ය ලෝකයට නැගුණද අපගේ කොහේ හෝ පස් තැවරී තිබීම අනිවාර්යය.
මහාවංශයේ නන්දිමිත්‍ර යෝධයා මට මතක හිටින්නේ එකම කරුණකිනි. ඔහුගේ අසාමාන්‍ය පුරුෂ ලිංගය ඉණ වටා වට කිහිපයක් ඔතා තිබීම නිසාය. කොල්ලන් අතර ජනප්‍රිය කතාවකට අනුව එක් සිනමාලෝලියෙක් චිත්‍රපට සංස්ථාවට පැමිණ තම සිරුරේ සිංහල සිනමා වංශ කතාවම පච්චා කොටා ඇති බව කියයි. ඔහුව නිරුවත් කොට සිනමා ඉතිහාස වාර්තාවන්ට අනුව සසඳා බැලූ විට ඒ සත්‍යයකි. එහෙත් ඔහුගේ පුරුෂ ලිංගයේ පච්ච කොටා ඇති යමක් සොයා ගත නොහැකිය. එහි ඇත්තේ මසින් යනුවෙනි. සංස්ථාවේ නිලධාරිනියක් එය අල්වා විමසා බලන විට එය ප්‍රාණවත් වෙයි. එවිට එහි මල්දෙනියේ සිමියොන් යනුවෙන් පච්චා කොටා තිබේ.
ප්‍රාන්ට්ස් පැනොන් ඇල්ජීරියානු යටත් විජිත මානසිකත්වය හඳුන්වන්නේ කලුහම සුදු වෙස් මුහුණ යනුවෙනි. ඒ කාල් යුංග්ගේ ෆර්සොනා- ෂැඩෝ (වෙස්මුහුණ හා සෙවනැල්ල) සංකල්පය අනුදත්තකි. ඉහත ලිංගික සංඥාර්ථයන් පැන නගින්නේ හුදු අහම්බයන් ලෙස නොව කාල් යුංග් සඳහන් කරන අර්ථාන්විත අහඹු ලෙසය. සාමූහික අවිඥානය තුළ පවතින මේ පොළවේ පස හඳුනාගන්නට නම් අප හැරිය යුතු කිහිප දෙනා අතර නන්දිමිත්‍රයන් ඉදිරියෙන්ම සිටී.
පියාණෙනි, ඔබ මිය ගියත් මල්දෙනියේ සිමියොන් තවත් සියවසක් ජීවත් වනු ඇත.
කේ. කේ. සමන් කුමාර
Tuesday, December 5, 2017
සිරුරේ වෙනත් තැන් වෙනුවට රෝමයන් කෙළින් කරවයි- අර්ධ නාරී
Androgynous Literary Experience in Sinhala Novel.
First Sri Lankan Chinese boxes total novel.
First Sri Lankan Chinese boxes total novel.
මේ පොතෙහි අග කවරයේ පොත ගැන සටහන්ව තිබූවකි.
Androgynous යන්න ශබ්දකෝෂයන්හි අර්ථදැක්වෙන්නේ “ partly male and partly female in appearance; of indeterminate sex.” ලෙසය. සුචරිත ගම්ලත් මහතා සිය ශබ්දකෝශයේදී ඒ සඳහා දෙන සිංහල අරුත වන්නේ ' ද්විලිංගික ' ලෙස යි.
නමුත් මේ කතා ගොඩකින් ගොඩනැඟුනු කතාවෙහි කතුවරයා එහි එක් ප්‍රධාන චරිතයක් 'සංක්‍රාන්ති ලිංගිකාවියක්' ලෙස මුලදීම හඳුන්වා දීම මඟින් කතාව හා ද්විලිංගිකත්වය අතර සරල සමීකරණයක් ගොඩනංවාගැනීමට ඉඩක් නොදෙයි.
නමුත් මේ කතා ගොඩකින් ගොඩනැඟුනු කතාවෙහි කතුවරයා එහි එක් ප්‍රධාන චරිතයක් 'සංක්‍රාන්ති ලිංගිකාවියක්' ලෙස මුලදීම හඳුන්වා දීම මඟින් කතාව හා ද්විලිංගිකත්වය අතර සරල සමීකරණයක් ගොඩනංවාගැනීමට ඉඩක් නොදෙයි.
Chinese Boxes යනු එකක් තුල එකක් ගබඩා කල හැකිවනසේ සැකසූ පෙට්ටි කිහිපයකි. අන්තර්ජාලය අනුව මෙම සංකල්පය සාහිත්‍යය හා සමපාත වන්නේ සරලව 'කතා මැද කතා' ආකාරයේ ආකෘතියක් සමඟය. පහසුම උදාහරණ වන්නේ අරාබි නිසොල්ලාසය හා පංච තන්‍ත්‍රය යි. ඒ අනුව උම්මග්ගය ද මේ ගණයට වැටෙනු ඇතැයි සිතමි. ( උනන්දුවක් දක්වන අයෙකුට මේ පත්‍රිකාව හොඳ විය හැක. මා ද තවමත් කියෙව්වේ මුල පිටු තුන පමණි. Paradox of Chinese Boxes: Textual Heterarchy in Postermodern Fiction - BENZI ZHANGhttps://journals.library.ualberta.ca/…/artic…/view/3165/2526).
මේ කෘතීන් තුල කතා මැඳ කතා ලියැවෙන්නේ ආඛ්‍යානය තුලම වුව ද 'අර්ධ නාරී' තුල දී කතුවරයා සිය පරිකථා සඳහා කඩදාසිය තුලම සීමා සලකුණු කරයි. එකක් හතරැස් කොටු තුල ය. අනෙක පිටුවෙහි උඩ අර්ධයේ ය. තවෙකක් යට අර්ධයේ ය. අළු පැහැති පිටු තුල ය. කළු පැහැති පිටු තුල ය. තද කළු අකුරෙනි. සුදුවට ය.
මේ කෘතීන් තුල කතා මැඳ කතා ලියැවෙන්නේ ආඛ්‍යානය තුලම වුව ද 'අර්ධ නාරී' තුල දී කතුවරයා සිය පරිකථා සඳහා කඩදාසිය තුලම සීමා සලකුණු කරයි. එකක් හතරැස් කොටු තුල ය. අනෙක පිටුවෙහි උඩ අර්ධයේ ය. තවෙකක් යට අර්ධයේ ය. අළු පැහැති පිටු තුල ය. කළු පැහැති පිටු තුල ය. තද කළු අකුරෙනි. සුදුවට ය.
මේ ආකෘතිකමය හරඹය නිසා මුලින්ම අපහසුවට පත් වුවත් මීට පෙර මෙම කතුවරයාම ඔහුගේ ඇතැම් කෙටිකතා තුලත් Manjula Wediwardena 'මගේ ආදරණීය යක්ෂණී' තුලත් මේ හා සමාන 'අමාරුවේ දැමීම්' කරතිබූ හෙයින්, මම එක කතාවක් කියවා අවසන අනෙක් කතාව කියවීම කළෙමි. එවිට ඔබට පිටු අංක නොසලකා හැරීමට සිදුවේ.
K.k. Saman Kumara තම බොහෝ කෘතීන්හිදී මෙන්ම මේ නවකතාව තුලත් සිය භාවයන් සංක්ෂිප්ත කොට ඔබා ඇති අතර කියවන්නෙකුට රිසි පරිදි එම ගැට ලිහාගෙන එහි ප්‍රහර්ශය විඳිය හැක. 'මහිලා වංශයේ' දී මෙන් වාක්‍ය හරඹ නොමැති හෙයින් සරල කියවීමක් රුචි අයෙකුට වුව ද තම නැණ පමණින් විඳගත හැකි කෘතියකි.
'අර්ධ නාරී' තුලදී කතුවරයා එහි ප්‍රධාන චරිත හතරම ඔවුන්ගේම මනෝභාවයන්හි, ආශාවන්හි, එසේත් නැත්නම් කතුවරයාම කියන පරිදි ක්ලේශයන්හි උපරිම අන්තයේදි හැසිරෙණ අයුරු ලියා දක්වයි. මේ චරිත හතරම Stress Test වලට භාජනය කරවයි. ( මෘදුකාංගයක් එහි සාමාන්‍ය භාවිත පිරිවිතරයන් හෝ අවස්ථාවන්ට වඩා වැඩි පිරිවිතරයන් හෝ අවස්ථාවන් තුලදී හැසිරෙන ආකාරය පරීක්ෂා කිරීම Stress Test වේ). ඒ තුලින් වඩා බියකරු ලෙස අපේම ආශාවන් තුල අපේ හැසිරීම ප්‍රශ්න කරවයි.
මෙම කෘතිය 'Androgynous' හෙවත් ද්විලිංගික නවකතාවක් වන්නේ මෙහි ප්‍රධාන චරිත හතරම විටෙන් විට දක්වන විරුද්ධ ලිංගික හැසිරීම් හෝ මනෝභාවයන් නිසා යැයි සිතමි. කතුවරයා උමයංගනා සංක්‍රාන්ති ලිංගිකාවියක් කරද්දී සවිඥානිකව හෝ අවිඥානිකව අනෙක් පිරිමින්ගේ ගැහැණු මනෝභාවයන් ද ගැහැණියගේ පිරිමි මනෝභාවයන් ද කතාව තුල උළුප්පා දක්වයි. තිරේසිස්ගේ කතාව තුලින් හා උමයංගනාගේ සැත්කමින් පසු මනෝභාවයන් විග්‍රහ කරමින් ලියවෙන කොටසින් ඒ උළුප්පා දැක්වීම වඩාත් ආලොකවත් කරව යි. කියවන සෑම ගැහැණියකුටම තමා තුල සිටින පිරිමියාත්, සෑම පිරිමියෙකුටම තමා තුල සිටින ගැහැණියත් අභිමුඛ කරවයි.
'අර්ධ නාරී' ශෘංගාරාත්මක කතාන්දරයකැයි කීවත් අන් ශෘංගාර කතාන්දර වලින් වෙනස්ව, සිරුරේ වෙනත් තැන් වෙනුවට රෝමයන් කෙළින් කරවයි.
අර්ධ නාරී - කේ කේ සමන් කුමාර - අහස පොතක්
Monday, December 4, 2017
Sunday, November 12, 2017
සිංහල ජාතියේ වංශ කතාව සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම
සයිමන්ගේ නවකතා අලුතින් කියවීමකට හසුකිරීමට සමන් ගෙන ඇති අවංක උත්සාහය ප්‍රසංශා කටයුතු එකක්. ඒ සඳහා ඔහු අප්‍රමාණ වෙහෙසක් දරා තිබෙනවා. මේ විචාරාත්මක පොතෙන් සමන් අපේ ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ට විශාල අභියෝගයක් එල්ල කරනවා යැයි මා සිතනවා. විශ්වවිද්‍යාල සාහිත්‍ය ඇදුරනි, පුළුවන් නම් මේ වගේ පොතක් ලියලා පෙන්වන්න.
සුනිල් මිහිඳුකුල - අවසන් බොහීමියානුවාගේ ආඛ්‍යානය සොයායාම
- දෙසතිය 2010 මාර්තු 15
‘...තවමත් මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුළ ඉහළම අදියරේදී වුවත් සාහිත්‍ය කෘතියක් කියවන්නේ චරිත නිරූපනය, සන්දර්භය වැනි අංග මතුපිටින් හඳුනා ගැනීමෙන් පමණි. එහෙත් සමන් ඉන් ඔබ්බට ගමන් කරමින් රෝලන්ඞ් බාත්, ෆූකෝ වැනි නූතනවාදයෙන් ඔබ්බට ගමන් කළ විචාරකයින් සහ ෆ්‍රොයිඞ්, කාල් යුං වැනි මනො විද්‍යාඥයන්ගේ න්‍යායයන් උපයෝගී කොට ගැනීම අගය කළ යුතු තත්වයකි. ගනනාථ ඔබේසේකර වැනි විශිෂ්ට පර්යේෂකයන්ගේ ලියවිලිවලින් මෙහිදී සමන් ආලෝකයක් ලබාගන්නා බව පෙනේ. ‘ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා’ නම් සයිමන්ගේ නොපළ කෘතිය විවේචනයට යන සමන් සුනිල් විජේසිරිවර්ධනගේ ‘රත්නවල්ලි’ නාටකයද සමාන්තරව ගෙන අගය කළ යුතු සාකච්ඡාවක නිරත වෙයි. එහිදී මතු වන වැදගත් නිරීක්ෂණ ලෙස අප දකිනුයේ ජනශ්‍රැතිය හා මානව විද්‍යාව උපයෝගී කොට ගනිමින් පුරාණෝක්ති විග්‍රහ කර ගැනීමට සමන් දක්වන ශූරභාවයයි. මෙය ඔහුගේ සංවේදී තුලනාත්මක පරිචය මතු නොව ලෙවී ස්ට්‍රවුස් ප්‍රමුඛ විද්වතුන්ගේ න්‍යාය ස්වාධීනව භාවිතා කිරීමට ලාංකීය විචාරකයකු ගත් උත්සාහයක් ලෙසද අගය කළ යුතුය...’
‘...ප්‍රාග් ඓ තිහාසික ගවේෂණ පිළිබඳ දැරණියගලගේ මතය වෙත යාම, වන්නි ප්‍රදේශයේ නවගත්තේගම අනුභූතික දත්ත ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රසිරි බංඩාර සමග එක්ව කටයුතු කිරීම තම න්‍යායාත්මක දේ ක්ෂේත්‍රයේ දකින්නට උත්සාහ කළ පර්යේෂකයකුගේ ගුණාත්මක බව කියාපායි...’
චින්තක රණසිංහ-
සයිමන්, සමන්, සහ සිංහල ජාතියේ වංශ කතාවට ලියූ විමසුමක්
-2008 අගෝස්තු 24- රාවය
Subscribe to:
Posts (Atom)







